රසික ජයකොඩි සර්

 


මම රසික ජයකොඩි සර්ගේ රසිකයෙක් වගේම සර්ගේ ලයිෆ් ලෙසන්ස් කියවලා ජීවිතය ගොඩනඟා ගන්න කෙනෙක්. සර්ගේ ලයිෆ් ලෙසන්ස් වලින් ජීවිතයට ආලෝකයක් ලබා ගන්න ගමන්, සර් මේ කරන්නේ මොකක්ද කියන එක ගැන මගේ වෙනම කියවීමක් (reading) තියෙනවා. ඇයි මේ රසික "සර් " කියලා කියන්නේ?


එක්ස්කියුස් මී, කැපචීනෝ එක මෙතනින් තියන්න.

.

.

.

.


තෑන්ස්ක්..

.

.

.

.


රසික සර්ගේ ලයිෆ් ලෙසන්ස් කියවගෙන යද්දි මට තේරුන දෙයක් තමයි, සර් මේ කියන්නේ මහා අමුතු බැරෑරුම් දෙයක් නෙමෙයි, මම වගේ මධ්‍යම පාන්තික, දැන උගත්, කාර්යබහුල ජීවිතයක් ගෙවන, anxiety තියෙන පොරක් එදිනෙදා අත්විඳින සංසිද්ධි ම තමා කියන එක. ඒත් මේ සමාජ ක්‍රමය අපිට පටවලා තියෙන කාර්යබහුලත්වය නිසා අපිට අපේම සමාජ අත්දැකීම් ගැන ටිකක් විශ්ලේෂණාත්මකව බැලීමට තියෙන අවස්ථාව අහිමි වෙලා තියෙනවා. රසික සර් කියන්නේ අපි වෙනුවෙන් තමන්ගේ කාලය සහ බුද්ධිමය ශ්‍රමය වැය කරලා ඒක අපිට කියලා දෙන කෙනා. (🙏)


මචං, පොඩ්ඩක් ඉදපන් සිගරට් එක පත්තු කරගන්නකන්

.

.

.

.

.

හරි 👍

.

.

.

.


හැබැයි, රසික සර් මෙහෙම දෙයකුත් කරනවා. සර් ඒ සමාජ සංසිද්ධි ලස්සනට පෙලගස්සන අතරේ සර්ගේ ඊගෝ එකෙන් කෑලි ටිකකුත් අරන් මිශ්‍ර කරලා ලියවිල්ල වඩාත් අර්ථවත් කරනවා.


සාමාන්‍යයෙන් සර්ගේ පෝස්ට් එකක් කියවගෙන යද්දි මගෙන් හැංඟිලා තියෙන මගේම දේවල් හම්බ වෙන්න ගන්නවා. එහෙම දේවල් හම්බ වෙද්දි උත්තේජනයක් (stimulate) වගේ දෙයක් ඇති වෙනවා. එතකොට මට හිතෙන්න ගන්නවා රසික සර් මගේ ජීවිතය ගැන විශාල රහසක් හෙළිදරව් කරා කියලා. එතකොට තමා සර් කියන්න හිතෙන්නේ.


මචං, ඔය ඈෂ්ට්‍රේ එක තල්ලු කරපන් මෙහාට..

.

.

.

.

තෑන්ස්ක්..

.

.

.

.


ඒත් එක්කම රසික සර් දාලා තියෙන එයාගේ ඊගෝ එකේ කොටස් මගේ ඊගෝ එකේ සමහර කොටස් එක්ක sync වෙද්දී මට හිතෙන්න ගන්නවා මාත් රසික සර් වගේ unique, exceptional චරිතයක් කියලා. උදාහරණයකට රසික සර් අද දාලා තිබුණ ලයිෆ් ලෙසන්ස් එකේ තියෙනවා තනි වෘකයා (lone wolf) කියලා සංකල්පයක්. මම හිතන්නේ ඒ ලයිෆ් ලෙසන්ස් එක හිට් වුනේම ඔය තනි වෘකයා කියන ඊගොයික සංකල්පය (සහ සිගරට් එක) හින්දා කියලා. උදේ ඉදන් රෑ වෙනකම් බුකියේ ලැඟගෙන එක එකාගේ ඕපාදූප හොය හොයා, ලයික් ඔබ ඔබා ඉන්න මටත් හිතෙන්න ගන්නවා, යකෝ මාත් තනි වෘකයෙක් වගේ exceptional පොරක් නේ කියලා. ඔය බුකියේ ඉන්න අලි, කොටි, සිංහයන්ට වැඩිය මම පැහැදිලිවම වෙනස්. ඊට පස්සේ මම කරන්නේ පෝස්ට් එකට ලව් ලයික් එකක් දාලා, මගේ අවංක ප්‍රතිචාරය සර්ට කොමෙන්ට් එකකින් දැනුම් දෙන එක.


" තවත් කෙනෙක් එක්ක හැමදේම බෙදා ගැනීමේ අවශ්‍යතාවය නැති වෙලා හුඟක් කල්. එහෙම වුණාම ජීවිතේ හරිම සැහැල්ලුයි, නිදහස්.


ඇත්තටම කිසිම දෙයක් එහෙම ලොකුවට බෙදා ගන්න දේවල් නෙවෙයි කියන අවබෝධයත් එක්ක යි ඒ අවශ්‍යතාවය නැතිව යන්නේ."


" LONELY WOLF" ආසම කොටස 💛 "


" මමත් බෝහෝ දුරට ඔබ වගේ. හැඟීම් බෙදා ගන්න ටිකක් මැලියි. සතුට වුනත් දුක වුනත් ටික දවසකට පස්සෙ වැඩි වෙනසක් නෑ. මට ඇත්තටම හිතෙන දේ නම් ඕනම දෙයක එච්චරම නටන්න දෙයක් නැහැ."


" මේ මගේ විදිහ 🌹"


"තනි වෘකයා lone wolf "great post❤️තමා වෙනුවෙන් ඇති කර ගන්නා බලසම්පන්න බව තමන්ට ලොකු හයියක් වගේම ආඩම්බරයක්.පාඩුවේ දඩයම් කරන් නිදහසේ ජීවත්විම තරම් සතුටක් තවත් නෑ.අපිත් ආස‍යි ඒ සංකල්පයට 💐 "


" ❤️❤️❤️ This is deep…. Hats off…."

රසික ජයකොඩි සර් රසික ජයකොඩි සර් Reviewed by Fox Talks on 6:41 AM Rating: 5

No comments :

Powered by Blogger.