සැබෑ රැකියා කුසලතා
සැබෑ රැකියා කුසලතා, එහෙමත් නැත්නම් රියල් ජොබ් ස්කිල්ස් කියන්නේ මොකක්ද? ඔෆිස් කියුබිකල් එකකට වෙලා කරන 8 - 5 රස්සාවක සම්මුඛ පරීක්ෂණයකින් සමත් වෙන්ඩ ප්‍රමාණවත් තාක්ෂණික කරුණු මොනවාහරි ටිකක් දැනගන්න එකටද? එහෙමත් නැත්තන්, බටහිර දියුණු රටක ජනගහනය අඩු ප්‍රාන්ත වල තියෙන රැකියා පුරප්පාඩු පුරවන්ඩ තරම් ශිල්පීය දක්ෂතා ටිකක් ඔප නංවා ගන්න එකද? ඔය වගේ කුසලතා තියෙන සේවකයෙක් ආයතනයකින් ඉවත් වෙලා මාසෙකින් දෙකකින් විතර ඒ වැඩේට හරියන තව කෙනෙක් හොයා ගන්නවා. ඒවා නිකන් සාමාන්‍ය රැකියා කුසලතා. රියල් ජොබ් ස්කිල්ස් කියන්නේ, දුරකථන සංඥා පවා නැති ඈත කඳු වලින් වට වුනු මිටියාවතක, ලී වලින් හදපු පොඩි කොටේජ් ආකෘතියේ නිවසක නිවීසැනසිල්ලේ සුරතල් බල්ලෙක් හදාගෙන ජීවත් වෙද්දී, හොඳට ඉර පායලා තියෙන දවසක ගෙදර පෝරණුවට ඕන කරන ෆයිනස් කොටන් ටිකක් පල පල ඉන්න කොට එක පාරටම හෙලිකොප්ටරයක් ඉස්සරහා මිදුලට පාත් කරලා, සන්ග්ලාස්, ටයි කෝට් දාගත්ත වැදගත් මහත්මයෙක් හෙලිකොප්ටර් පෙති හුළඟට කොන්ද නමාගෙන ඇවිත්, ගෙනාපු බ්‍රීෆ්කේස් එක ඇරලා ඩොලර් මිලියන ගානක් පෙන්නලා, " සේනක, කොහොමද ඉතින්? වැඩක් තියෙනවා, මොකද කියන්නේ, කරමුද ? " කියලා අහන මට්ටමට කුසලතා හදාගන්න එකට නෙමෙයිද?
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:15 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:15 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :