හොලිවුඩය හරහා හමායන woke රැල්ල

 


Drama / Fantasy / Historical වැනි ප්‍රභේද වල චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සඳහා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වීමට එක හේතුවක් නම් ඒවායේ ඇති escapism ස්භාවයය. මෙය තමන් එදිනෙදා අත්විඳින සංකීර්ණ, වේදනාකාරී යථාර්ථයෙන් මිදීමේ මානසික හැරවුමක් ලෙස ද හැඳින්විය හැකිය. මේ නිසා Game of Thrones, Vikings, The Lord of the Rings, Harry Potter, The Witcher වැනි චිත්‍රපට හා කතාමාලා අතිශය ජනප්‍රිය වීමත්, ඒවා ආශ්‍රිතව යම් උප සංස්කෘතීන් (fandom culture) බිහි වීමත් දැකගත හැකිය.


මේ දිනවල හොලිවුඩය හරහා හමායන woke රැල්ල නිසා ඇතැම් චිත්‍රපට හා කතාමාලා වල ජනප්‍රියත්වය පහත වැටී තිබේ. හොලිවුඩය යම් හේතුවකට විශාල රසික ප්‍රජාවක් අමතක කොට woke සංස්කෘතිය අගයන සුළුතර රැඩිකල් වාමාංශික කොටස් පිනවීමට තීරණය කොට ඇත. Woke කොටස් බලහත්කාරයෙන් ඇතුලත් කොට ඇති The Rings of Power කතාමාලාව සලකා බලමු. එහි කළු පැහැති හොබිට්වරු දක්නට ලැබෙන්නේ පැරණි ටොල්කියන් විශ්වයට අයත් දෙයක් ලෙස නොව සමකාලීන හොලිවුඩයේ ආධිපත්‍යය දරන යම් සංස්කෘතික දේශපාලන ප්‍රවණතාවයක ප්‍රතිඵලයක් ලෙසය. ප්‍රේක්ෂකයෙක් එය නැරඹීමේ දී කළු හොබිට් චරිතයක් දැකීම නිසා සිදුවන්නේ කතාමාලාව මවා පාන ලෝකයට ඇතුළු වීම අවහිර වී, ඒ වෙනුවට මඟ හැර යාමට උත්සහ කරන සමාජ යථාර්ථයේම කොටසක් සමඟ නැවත සම්බන්ධයක් ඇතිකර ගැනීමය. එයින් කතාමාලාව සැපයිය යුතු escapism ස්භාවය නැතිවී යන අතර තවදුරටත් එය නැරඹීම ප්‍රතිඵල රහිත, හෝ නීරස අත්දැකීමක් බවට පත්වේ.


Shōgun යනු 17 වන ශත වර්ෂයේ වැඩවසම් ජපානයට පැමිණෙන යුරෝපීයන්, සමුරායිවරු, හා එහි පැවති දේශපාලනික, සංස්කෘතික පසුබිම ඇතුලත් කතා මාලාවකි. පෙනෙන ආකාරයට Shōgun කතාමාලාව woke බලපෑමට හසුනොවී ඇති නිසා තාවකාලිකව හෝ යථාර්ථයෙන් පලා යෑමට අවස්ථාවක් ලැබේ යැයි කියා බලාපොරොත්තු තබාගත හැකිය.

හොලිවුඩය හරහා හමායන woke රැල්ල  හොලිවුඩය හරහා හමායන woke රැල්ල Reviewed by Fox Talks on 5:57 AM Rating: 5

No comments :

Powered by Blogger.