මා නොකෙරැවත් නොකෙළෙමි එය ගැරහීම


පරිපාලන නිලධාරියෙක් වශයෙන් අනුරාධපුරයේ සේවයට ගිය විමලරත්න කුමාරගමයන් එම දුෂ්කර ප්‍රදේශ වල ජිවත්වන අහිංසක මිනිසුන්ගේ ඇදහිලි හා විශ්වාස දෙස සානුකම්පිතව බලා තමන් එවා විශ්වාස නොකරත් එවාට ගැරහීමෙන් වැලකීමට වග බලාගත්තේය.
සන්හිඳ ළග බාරයට කිරි ඉතිරී                     ම
කෙම්මුර දවස්වල පානින් සැරසී                  ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී                ම
මා නොකෙරැවත් නොකෙළෙමි එය ගැරහී   ම
ඔහුගේ අයියනායක නම් කවි පන්තියේ එන මෙම කවියෙන් ගැමියන්ගේ ඇදහිලි හා විශ්වාස කෙරෙහි කවියෙක් වශයෙන් ඔහුගේ තිබු සානුකම්පිත දැක්ම පිළිඹිබු වේ. කුමාරගමයන්ට ගැමියන්ගේ ඇදහිලි ක්‍රම දැකීමෙන් ඇතිවු සානුකම්පිත හැඟීම වැනි දෙයක් අපට ඒ ආකාරයෙන්ම ඇතිකර ගැනීමට නොහැකිවුවත් පුළුවන් ආකාරයකට සානුකම්පිත හැඟීමක් මෙම දේව කන්නලව්ව දෙස බලා ඇතිකර ගැනීමට උත්සහ කරමු.
රාහුගේ කාලය පන්නා කාල සටහන් සැකසී   ම
ෆෙන්ෂුයි විභාග යන්තරේ පොත යට සැඟවී    ම
අංකය ලියු කොඩිවැල් බෝධියේ එල්ලී          ම
මා නොකෙරැවත් නොකෙළෙමි එය ගැරහී      ම
මා නොකෙරැවත් නොකෙළෙමි එය ගැරහීම මා නොකෙරැවත් නොකෙළෙමි එය ගැරහීම Reviewed by Fox Talks on 11:46 AM Rating: 5

No comments :

Powered by Blogger.