පරිසර හිතකාමී දේශීය නිෂ්පාදන
ස්භාවික අමුද්‍රව්‍ය යොදා සකස් කරන දේශීය නිෂ්පාදන ඉදහිට වෙළඳපොළට හඳුන්වා දෙනවා දක්නට ලැබෙයි. මේවා මාකට් කිරීමේ දී වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ශරීරයට හිතකර, පරිසර හිතකාමී, අතුරු ආබාධ වලින් තොර වැනි අතීතයේ පැවති යහපත් ජීවන රටාවකට අයත් ගුණාංග සමඟින් ඉදිරිපත් කිරීමය. භාණ්ඩය විකුණා ගැනීමට එය පමණක් ප්‍රමාණවත් නොවන නිසා මාකටිං උපක්‍රමයක් ලෙස යොදාගන්නේ දැනට වෙළදපොළේ පවතින අනෙක් ආදේශක භාණ්ඩ හැකිතාක් අනර්ථකාරී (රසායනික ද්‍රව්‍ය, පිළිකාකාරක) යැයි පෙන්වීමයි. එහි සත්‍යතාවයක් ද තිබිය හැකි වුවත් එම භාණ්ඩ demonize කිරීම මඟින් තම නිෂ්පාදනය නිතැතින්ම යහපත් දෙයක් බවට පත්කර ගතහැක. පරිසර හිතකාමීන් මෙම භාණ්ඩ ඉතා ඉහළින් අගය කරන අතර කිහිප දෙනෙක් ඒවා මිලදී ගැනීමට ද පෙළඹේ. කාලයක් ගතවන විට කල් පැවැත්ම හා පහසුව නැවත ප්‍රමුඛ වනවිට මෙම පරිසර හිතකාමී භාණ්ඩ මුල්ලකට විසි කර දැමීමට සිදුවෙයි. එමනිසා මෙම නූතනත්ව යුගයේ දී පැරණි ලෝකයට අයත් භාණ්ඩ වල ඇත්තේ ප්‍රයෝජ්‍ය වටිනාකමකට වඩා පරිසර සංරක්ෂණය සඳහා තමන්ගේ ඇති උනන්දුව පෙන්විය හැකි ප්‍රදර්ශනාත්මක වටිනාකමකි.
.
.
.
වස විස නැති අලුත්ම වතුර බෝතලය
පිලිකා කාරක ප්‍ලාස්ටික් වගේද පොල් කටුව.
අනාදිමත් කාලයක පටන් අපේ මුතුන් මිත්තන් ජලය පානය සඳහා පොල් කටුව භාවිතා කලා.
අපි ඒක දියුනු කරලා ඔයාලාට වතුර බෝතලයක් හැදුවා. මෙම නිශ්පාදනය,
🏝 පරිසර හිතකාමී නිශ්පාදනයකි
🏝️ පිලිකා කාරක වලින් තොරයි.
🏝️ ජලය සිසිල්ව තබාගත හැකියි.
🏝️ ජලය ලීටරයක් පමන ගබඩා කල හැක.
🏝️ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරයි.
🏝️ පහසුවෙන් රැගෙනයාහැකියි.
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
6:57 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
6:57 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :