සෙල්ෆි රැජින (Selfie as a mental disorder)


ස්නොව් වයිට් නම් සුරංගනා කතාවේ සිටින එක්තරා රැජිනක් සතුව අරැම පුදුම මැජික් කැඩපතක් ඇත. කතාවේ ආකාරයට ඒ කැඩපතට කතා කිරිමේ හැකියාවක් ඇත. උදෑසන අවදිවීමෙන් පසු රැජිනගේ ප්‍රධාන කර්තව්‍යය වන්න්‍ෙ කැඩපත ඉදිරියට ගොස් ලෝකේ සිටින ලස්සනම කාන්තාව කවුද කියා විමසීමය. කිසිදාක බොරැ නොකියන කැඩපත රැජිනට සැමදා පවසන්නේ ලෝකේ සිටින ලස්සනම කාන්තාව ඇය බවයි. කැඩපතේ පිළිතුරෙන් සැහීමකට පත්වන ඇය ඒ දිනය සතුටින් ගෙවා දමයි. නැවතත් පසුදා උදෑසන තමන්ගේ රෑ සපුව ගැන අනාරක්ෂිත හැගීමකින් යුතුව අවදිවන රැජින පෙර පරිදිම කැඩපත සමග සංවාදයේ යෙදෙයි. මෙය දිගින් දිගටම සිදුවෙමින් පවතිද්දි එක් දිනෙක කැඩපත පවසන්නේ ලෝකයේ සිටින ලස්සනම කාන්තාව රැජින නොව ස්නොව් වයිට් නම් කුමාරිකාව බවයි. ඉතා දැඩිව තමන්ටම ඇලුම් කරන රැජින මේ ප්‍රකාශයෙන් කම්පනයට පත්වී කුමාරිකාව මරා දැමීමට සැලසුම් කරයි.

සැබෑ ලෝකයෙදි අපට කතාකරන කැඩපත් හමුවන්නේ නැත. නමුත් මේ රැජින හා කැඩපත අතර ඇතිවන සංවාදයට සමාන ආකාරයේ සිදුවීමක් වර්තමානයෙදී වෙනත් සන්දර්භයක් ඔස්සේ දැකගත හැක. ඒ සමාජජාල සන්දර්භය ඔස්සේය. මෙම සංවාදය බහුලව සිදුවන්නේ ඉන්ස්ටාග්‍රැම් (instagram) නමැති සමාජජාලය හරහා බැවින් ඒ ඔස්සේ මෙය තේරැම් ගැනීමට උත්සහ කරමු.(ඉන්ස්ටාග්‍රැම් සමඟ ගණුදෙනු නොකරන අය ෆේස්බුක් ආදේශ කර ගන්න) ඉහත කතාවේ රැජින මෙන් තමා තමාටම ඉතා දැඩිව ඇලුම් කරන (narcissistic subjects) තම රෑපය ගැන අනාරක්ෂිත හැගීමකින් පසුවන ස්ත්‍රීන් හා පුරැෂයන් සමාජයෙ සිටි. මෙයින් පැහැදිලි බහුතරයක් ස්ත්‍රීන්ය. ඉන්ස්ටාග්‍රැම් යනු එවැනි ස්ත්‍රීන්ගෙන් පිරිපවතින අවකාශයකි. මෙම සන්දර්භයෙදී කැඩපත වන්නේ තමාගේ ඉන්ස්ටාග්‍රැම් ගිණුමයි. උදෑසන අවදිවන ඉන්ස්ටා-ස්ත්‍රීය නිදි ඇදේ සිට හෝ උදෑසන කෝපි කෝප්පය පානය කරන අතරතුර හෝ සෙල්ෆියක් ගෙන තමන්ගේ පිටුවට ඇතුලත් කරයි. සංවාදය ආරම්භ වන්නේ ඒ ආකාරයටය. කිසියම් අභව්‍ය හේතු පාඨයක් සමගින් සෙල්ෆිය දැමීමෙන් පසු ඇය අසන අවිඥානික ප්‍රශ්නය වන්නේ " මම අද ලස්සනද? " යන්නයි. එවිට ඉන්ස්ටාග්‍රැම් කැඩපත ඇයට පිළිතුරැ දීමට පටන්ගන්නේ නොටිෆිකේෂන්ස් මගිනි. එ්වා ලයික් හෝ ඇයව වර්ණනා කරමින් දමන කොමෙන්ට් හෝ විය හැකිය. දිගින් දිගටම ලැබෙන ප්‍රතිචාර වලින් ඇය තෘප්තිමත්වේ. ඇය එ්වාට සතුටු සිතින් යුතුව ස්තුතියද පලකරයි. මෙය ඇයගේ දෛනික චර්යාවක් බවට පත්වේ. මැජික් කැඩපත ඉදිරිපිට සිටින රැජිනට කැඩපතම පිළිතුරැ දෙනවාක් මෙන් නාන කාමරයේ කැඩපත ඉදිරිපිට සිටින ඉන්ස්ටා-ස්ත්‍රියට පිළිතුරැ දෙන්නේ ඉන්ස්ටාග්‍රැම් ප්‍රෝෆයිලයයි.

ඇතැම් ඉන්ස්ටා-ස්ත්‍රීන් සාප්පු සවාරි, උත්සව අවස්ථා හෝ වෙනත් පිරිස් රැස්වෙන ස්ථානයකට ගොස්සිටින විට නැවත නැවතත් එම ප්‍රශ්නයම කැඩපතෙන් අසයි. බොහෝවිට එවැනි ප්‍රසිද්ධ ස්ථානවලදි තමා වැනි අනෙකෙක් දැකීම නිසා සිදුවන සංසන්දනයේදි තමා තුල ඇතිවන අනාරක්ෂිත හැගීම මගහරවා ගැනීමට එසේ කිරීමට පෙලඹෙනවා විය හැක. තමා ඇතුලත්කල සෙල්ෆියට ලැබෙන ධනාත්මක ප්‍රතිචාර තුලින් අනාරක්ෂිත හැගිම මගහරවා ගනී. තමා පිලිබද ඍණාත්මක කොමෙන්ට් පලකරන අය නිසා කෝපයට පත්වීම හෝ බ්ලොක් කරදැමීම යන සංකේතාත්මක මරණය ලබාදීමට හෝ ඇය පෙලඹෙයි. ඇයව උත්කර්ෂයට නංවමින් ලයික් හා කොමෙන්ට් දාන බහුතරය ඇගේ ස්වරෑපරාගී හැසිරීමට ආශා කරන ස්ත්‍රීන් හා පිරිමින්ය. #me හෑෂ්ටැගය පිරික්සා බලන්න.


සෙල්ෆි රැජින (Selfie as a mental disorder) සෙල්ෆි රැජින (Selfie as a mental disorder) Reviewed by Fox Talks on 11:42 AM Rating: 5

No comments :

Powered by Blogger.