අමු මිරිස්

ඒ මිනිස්සු යමක් කමක් තියෙන කට්ටියක් වගේ නේද?

ඇයි අර පෝටිකෝ එක යට නවත්තල තිබ්බ අලුත් හයිබ්‍රිඩ් කාර් එක හින්දද එහෙම කියන්නේ?
කාර් එකක් නෙමෙයි අනේ. කාර්නන් ඔය ඕන ගෙදරක තියෙන්නේ.
එහෙනන්???
ඇයි දැක්කේ නැද්ද? සම්බෝලේට අම්මිරිසුත් දාල‍ා තිබ්බේ. චිකන් එකෙත් මිරිස් කෑලි පහක් හයක් තිබිලා මට අහුවුණා.
ආහ් එක මිසක්. ඇයි වහල උඩ දැක්කේ නැද්ද? දෙහි ගෙඩි වගයක් පලලා වෙලෙන්ඩ දාලා තිබ්බේ. ලුණු දෙහි හදන්ඩ වෙන්ඩ ඕන.
මේ කාලේ ලුණුදෙහි දාන්ඩ තරම් නේද ඉතිං…
හ්ම්ම්… එක තමා. හොද සල්ලිකාරයෝ.
අමු මිරිස් අමු මිරිස් Reviewed by Fox Talks on 11:44 AM Rating: 5

No comments :

Powered by Blogger.