විමල් විරවංශ විරෝධය


(විමල් වීරවංශ JVPයේ සිටියදී මෙන්ම ඉන් ඉවත්වූ පසුවත් ඔහුගේ දේශපාලනයට අඛණ්ඩව ෆන්ඩමැන්ටලි විරුද්ධවූ පිරිසට මෙය අදාළ නොවේ.)
පුවත්පත් කාටුනයේ සිට ෆේස්බුක් පොස්ට් දක්වා විමල් වීරවංශ තරම් අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ අපහාසයට හා උපහාසයට ලක්වූ දේශපාලකයෙක් නොමැති තරම්ය. එකල JVPයේ සිටියදී මහින්දගේ මැතිවරණ සටන්වල බෙදුම්වාදයට, ත්‍රස්තවාදයට, ජාත්‍යන්තර මැදිහත්වීම් වලට එරෙහිව ඔහු යටිගිරියෙන් කල කතා අසා ජාතිකවාදී හැගීම් අංශුමාත්‍රයක්වත් නොතිබූ පිරිස් හා පට්ට යුඇන්පීකාරයන් හැර අනෙක් බහුතරයක් කුල්මත් විය. එකල විමල්ගේ වේදිකා දෙදරවන වේගවත් කතාවලින් ප්‍රකාශ වුයේ බොහෝ ලාංකිකයන්ගේ බෙදුම්වාදයට හා අනවශ්‍ය ජාත්‍යන්තර මැදිහත්වීම් වලට එරෙහිව තිබු හැගීමය. දේශපාලන රැස්වීම් හෝ රූපවාහිනීයේ දේශපාලන සංවාදවල විමල් අදහස් දක්වන තුරු බොහෝදෙනා බලාසිටියේ තමාගේ මතයට විමල් තවත් රසකාරක දමා තව තවත් රසවත් ලෙස ඉදිරිපත් කරන නිසාය.
විමල් JVPයේ සිටියදී ජනතාව අතර ජනප්‍රිය වුයේ පක්ෂයෙන් ලැබුණු මාක්ස්වාදී අදහස් ප්‍රචාරය කල නිසා නොව ජාතිකවාදයට එකග අදහස් නිසාය. අදවන විට විමල්ගේ ඒ අදහස් වල එතරම් වෙනසක් සිදුවී නොමැත. වෙනස්වී ඇත්තේ ඔහු සිටින වේදිකාව පමණි. ඔහුගේ මතවාදය වෙනස්වී නැතත් ඔහු සිටින දේශපාලන වේදිකාව වෙනස්වී ඇති නිසා යම් පිරිසකට තව දුරටත් ඔහුගේ කතාවලින් කුල්මත් වීමට අපහසුවී ඇත. අදත් විමල් කියන්නේ තවමත් නොවිසදුණු බෙදුම්වාදය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතා උවත් එදා විමල්ගේ කතාවලින් කුල්මත්වූ පිරිසකට තමාගේම වූ ඒ කතා අද ආගන්තුකවී ඇත. ඔවුන් දැන් ඒ කතාවලට සිනාසෙයි. ඔවුන් පහසුවෙන්ම අමතක කරන්නේ හෝ දන්නේ නැත්තේ තමන් විමල්ගේ කතා වලට සිනාසෙන්නේ පෝලිටිකලී පමණක් මිස ෆන්ඩමැන්ටලී නොවන බවය. එමනිසා ඔවුන් රනිල් මැදිහත්වී යුරෝපයේ කොටි තහනම් දික් කිරීම ගැන හෝ යුද්ධය දිනුවේ රනිල් උපායශීලිව කරුණා LTTEයෙන් ඉවත්කළ නිසා ආදී කතා කියමින් සතුටු වෙයි. මහින්දට මේ රටේ ලක්ෂ 58ක් දැන් සමහරවිට ඊටත් වැඩි පිරිසක් කැමතිය. නමුත් මහින්ද විරෝධීන් එය පිළිගැනීමට කැමතිබව නොපෙනේ. එම නිසා මහින්ද නැවතත් දේශපාලනයට එනවාට ඇති ජනතා කැමැත්ත විමල් ඇතුළු ඔහු වටා සිටින පුද්ගලයන් කිහිප දෙනෙක් තමන්ගේ දේශපාලන අනාථභාවය නිසා කරන දෙයක් බව පවසා අස්වැසිල්ලක් ලබන්නට උත්සහ කරයි. සැබෑවට දේශපාලනිකව අනාථවී රජයේ ඇමතිකම් ලබාගත් ශ්‍රීලනිප පිරිස ගැන කතාවක් නැත. එම නිසා කලින් ඔවුන් වඩාත් ආශා කල විමල්ට දැන් වඩාත් වෛර කිරීමට පටන්ගෙන ඇත.

විමල් විරවංශ විරෝධය විමල් විරවංශ විරෝධය Reviewed by Fox Talks on 11:07 AM Rating: 5

No comments :

Powered by Blogger.