සලමන් එෆෙක්ට්




ඔප්රා එෆෙක්ට් යනු මිලියන 42ක පමණ අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාසිටින ඔප්රා වින්ෆ්‍රී නම් ඇමෙරිකානු රුපවාහිනී නිවේදිකාවගේ සහතිකය හෝ රේකමදාරුව නිසා යම්කිසි භාණ්ඩයක හෝ ව්‍යාපාරයක හෝ පුද්ගලයෙකු හෝ ලබන සාර්ථකත්වය දක්වන සිදුවීමකි. ඇයගේ රුපවාහිනී වැඩසටහන් තුලින් හදුන්වා දෙන භාණ්ඩයක් ඊලග දිනයේදී වෙළදපොලේදී අතිසාර්ථක ලෙස අලෙවි වෙයි. ඇයගේ බලවත්කම පෙන්වන විශේෂ සිදුවීමක් වන්නේ 2008 ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් අපේක්ෂකයා තේරීමේ තරගයයි. එහිදී බැරක් ඔබාමාගේ ජයග්‍රහණයට ඇගෙන් සිදුවූ බලපෑම අතිශයින් තීරණාත්මක විය. පර්යේෂකයන් පවසන්නේ ඔප්රාගේ සහතිකය නිසා ඔබාමාට ලැබුණු ජන්ද ප්‍රමාණය දළ වශයෙන් 1,015,559කි. ඔබාමා ඡන්දය ජයග්‍රහණය කරේ තම ප්‍රතිවාදී හිලරි ක්ලින්ටන්ට වඩා ඡන්ද 278,966 කින්ය. [ඔබාමා – ඔප්රා = හිලරි]. ඒඅනුව ඇගෙන් සිදුවූ බලපෑම සිතාගත හැකිය.
මැතිවරණයකදී සෙලිබ්‍රිටිස්ලාට කළහැකි බලපෑම ගැන මෙයින් යම්කිසි අදහසක් ලබාගත හැක. අපේ රටේ පසුගිය මැතිවරණ වලදී දේශපාලනය ගැන ප්‍රමාණවත් දැනුමක් නොමැති නමුත් ජනතාව අතර යම්කිසි ජනප්‍රියතාවයක් ඇති නළු නිළියන් තේරීපත්වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමෙන් සෙලිබ්‍රිටිස්ලාට අප සමාජයේ ඇති තත්වය ගැන අවබෝධයක් ලබාගත හැක. ඒවගේම ජනාධිපතිවරණයකදී මේ ජනප්‍රිය පුද්ගලයන් පිල් වලට බෙදී තමන් කැමති අපේක්ෂකයාට සහය දැක්වීම සාමාන්‍ය තත්වයකි. ඒ තුලින් අපේක්ෂකයාගේ ඡන්ද පදනමටත් යම්කිසි බලපෑමක් ඇතිවෙයි සිතිය හැකිය. තමන්ගේ දේශපාලන මතයට පක්ෂ පුද්ගලයන් කලාකාරයන් වන්නේත් විරුද්ධ මතයට සහය දක්වන පුද්ගලයන් නලාකාරයන් වන්නේත් මේ අනුවය. මෙවර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ වේදිකාවට සලමන් ඛාන්ව ගෙන්වීමට කටයුතු කරගෙන යන බවට රාවයක් ඇත. ඉන්දියාවේ මෙන්ම අපේ රටෙත් අතිශය ජනප්‍රිය චරිතයක් වන සලමන් ඛාන් මෙරට මැතිවරණ කටයුතු වලට ගෙන්වීමෙන් oprah effect මෙන් බලපෑමක් ඇතිකිරීමට එහි සංවිධායකයන් බලාපොරොත්තු වනවා ඇත.
සලමන් එෆෙක්ට් සලමන් එෆෙක්ට් Reviewed by Fox Talks on 11:23 AM Rating: 5

No comments :

Powered by Blogger.