පරිපූර්ණ ස්ත්‍රී ශරීරය හා පිරිමියාගේ ෆැන්ටසිය
මෙහි දැක්වෙන තරුණිය හඳුනාගත හැක්කේ පරිපූර්ණ ස්ත්‍රී ශරීරයක හිමිකාරියක් ලෙසටය. ඇය පිරිමියාගේ ෆැන්ටසියක් වන අතරම ආකර්ෂණීය නොවන බවට පත්වන්නේත් කුමක් නිසාද?
මෙහි දැකගත හැක්කේ අදහස පලකල පුද්ගලයාගේ යම් ආකාරයක මානසික අරගලයකි. මෙවැනි පරිපූර්ණ ස්ත්‍රියක් පිරිමියෙකුගේ ෆැන්ටසියක් බවට පත්විය හැකි අතර, අනෙක් අතට එම පරිපූර්ණත්වය ආශාව බිඳ දැමීමට ද හේතු වේ. පරිපූර්ණත්වය නිසා ඇයව ස්ථානගත කරන්නේ සැබෑ පුද්ගලභාවයක් තුලට වඩා ෆැන්ටසි රාමුවක් තුලය. නමුත්, එම ෆැන්ටසිය සමඟ පමණක්ම හැඟීම්බර හෝ අනුරාගී සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට නොහැකිය. අනුරාගය ඇතිවීමට නම් සැබෑ පුද්ගලභාවය හා ෆැන්ටසිය අතර පරතරය අඩුවී යා යුතුය. නමුත්, ෆැන්ටසිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ද නොහැකි වන්නේ සැබෑ සම්බන්ධයක් ඇතිවීමට ෆැන්ටසිය ද යම් මට්ටමකින් අවශ්‍ය බැවින්ය. සම්බන්ධයක් ඇතිවන්නේ අනෙකා ගැන ගොඩනඟා ගෙන ඇති ෆැන්ටසියේ කොටසක් ද හරහාය. එමනිසා, ස්ත්‍රිය හුදු ෆැන්ටසියකට පමණක්ම සීමා කරන අධික පරිපූර්ණත්වය විසින් අනුරාගය මරා දමයි.
තවත් ලෙසකින් කිවහැක්කේ, මෙවැනි ස්ත්‍රී රූපයක් ආකර්ෂණීය නොවන බව කීම, එක්තරා ආකාරයක ආරක්ෂණ ප්‍රයෝගයක් ලෙස සැලකිය හැකි බවයි. එවැනි ස්ත්‍රියකට සැබෑ ආකර්ෂණයක් තිබෙන මුත් ප්‍රතික්ෂේප වේ යැයි ඇතිවන බිය හෝ ඇය හා සම්බන්ධ වීමට ඇති නොහැකියාව (inadequacy) නිසා ඇතිවන කාංසාමය තත්වය එම ආකර්ෂණය යටපත් කර දමයි. එනම්, පරිපූර්ණත්වය ඇති කරන්නේ ආශාවට වඩා කාංසාමය තත්වයකි. ඔහු එම ස්ත්‍රිය තම ආශාවේ ව්‍යුහය තුල ස්ථානගත කරගැනීමට අසමත් වෙයි. මෙම තත්වයන් ඔහු මඟහැර ගන්නේ ස්ත්‍රිය ආකර්ෂණීය නොවන බව කීමෙන්ය
Reviewed by
Fox Talks
on
8:21 AM
Rating:

No comments :