නාය යාමකදී පස් කන්දකට යටවන පුද්ගලයෙකුගේ අත්දැකීම කෙසේ වියහැකිද?
පස් කන්දක් පාත්වීම අනපේක්ෂිත සිදුවීමකි. එක්වරම හාත්පස වැසි ගොස්, පරිසරයම අඳුරු වීමත් සමඟ විශාල භීතියක් ඇතිවිය හැකිය. පස් සහ ගල් විසින් ශරීරය මත ඇති කරන තෙරපුම නිසා ශරීරය තවදුරටත් චලනය කරගැනීමට නොහැකි වෙයි. Sleep paralysis අවස්ථාවක මෙන් මොළයේ ක්‍රියාකාරිත්වය ඇතිමුත් ශරීරය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබේ. සිදුවීම් සිදුවන වේගය නිසා වේදනාවක් දැනේ දැයි කිව නොහැකිය. පස් පිරීම නිසා නාසය හා මුඛය තුලට පස්, දූවිලි ඇතුල් වීමෙන් ශ්වසන ක්‍රියාවලිය ටිකෙන් ටික අවසන් වෙයි. පපුව සහ පෙනහළු ද මිරිකී තිබේ. කොතරම් කෙටි කාලයක් වුවද ජීවිතය ගැන, සිදුකල යහපත්/අයහපත් ක්‍රියා ගැන සම්පූර්ණ අතීතාවලෝකනයක් ඇතිවෙනු ඇත. ඉන්පසුව සිහිමූර්ඡා තත්වයට පත්වී හෝ නොමැතිව ජීවිතය අවසන් විය හැකිය. භෞතිකවාදීන්ට නම් අවසන් හුස්ම රැල්ල සමඟ සියල්ල අවසන් වෙයි. ඒබ්‍රාහමික ආගම් වල පුද්ගලයන් දෙවියන් වහන්සේ හා එක්වීමට සදාකාලික ස්වර්ගයට එසවෙයි. බෞද්ධයන් අවසානයේ සකස් වෙන චුති චිත්තයට අනුරූපව ඊළඟ භවය අල්ලා ගනියි. (රහතන් වහන්සේ හැර)
නාය යාමකදී පස් කන්දකට යටවන පුද්ගලයෙකුගේ අත්දැකීම කෙසේ වියහැකිද?
Reviewed by
Fox Talks
on
8:18 AM
Rating:
Reviewed by
Fox Talks
on
8:18 AM
Rating:

No comments :