Marshall Mathers, Eminem හා Slim Shady


ප්‍රකට රැප් ගායක Eminem ගේ ප්‍රධාන පෞර්ෂයන් තුනක් හඳුනාගත හැක. ඒ Marshall Mathers, Eminem හා Slim Shady ලෙසය. ඔහු තමාගේ සංගීතමය ඉදිරිපත් කිරීම් තුලින් මෙම පෞර්ෂයන් තුන විවිධාකාරයෙන් එළිදක්වයි. ඔහුගේ ගීත වීඩියෝ නිරීක්ෂණයෙන් ද මෙම පෞර්ෂයන් නිරූපණය වන ආකාරය දැකගත හැක. Eminem විසින් නිකුත් කර ඇති ඇතැම් සංගීත ඇල්බම් සඳහා යොදා ඇති නම් අනුව ද එම ඇල්බමයේ ප්‍රකට කරන පෞර්ෂය කුමක් ද යන්න අදහසක් ගත හැක. කෙටියෙන් විස්තර කලහොත් Marshall Mathers යනු ඔහුට උපතින් ලැබුණ නමයි. ගීත නිර්මාණ තුලදී Marshall පෞර්ෂය විසින් ඉදිරිපත් කරන්නේ ඔහුගේ සැබෑ ජීවිතය හා සම්බන්ධ අත්දැකීම්ය. දුෂ්කර ළමා කාලය, ⁣මව සමඟ තිබුණු සම්බන්ධය, තම දියණිය, බිරිඳ ඇතුළු ජීවන අත්දැකීම් Marshall හරහා වේදනාත්මක හා හැඟීම්බර ස්වරූපයකින් ඉදිරිපත් කරයි. Eminem ඔහුව සංගීත ලෝකයේ භාවිතා කරන නාමය (stage name) වන අතර ඔහුගේ ප්‍රසිද්ධම පෞර්ෂය වේ. මෙම පෞර්ෂය හරහා අප දන්නා දක්ෂ රැප් ගායකයා, ගී පද රචකයා, ප්‍රකාශමාන වේ. Slim Shady හඳුන්වන්නේ Eminem ගේ විකල්ප ඊගෝවක් (alter ego) ලෙසය. එයින් ආවේගශීලි, ප්‍රචණ්ඩකාරී හා උන්මත්තක ආදී ලෙස ඔහුගේ අඳුරු පැතිකඩ නිරූපණය වේ. මෙහි සදාචාරය පිළිබද තැකීමක් නොමැති නිසා ඇතැමුන් එය නාස්තික ඊගෝවක් ලෙසද හඳුන්වයි. නැවතත් මෙම පෞර්ෂයන් සම්පිණ්ඩනය කලහොත්, Marshall Mathers යනු සැබෑ පුද්ගලයා වන අතර Eminem යනු Marshall ගේ විකල්ප ඊගෝවයි. Slim Shady වන්නේ Eminem යන ඊගෝව තුල පවතින තවත් විකල්ප ඊගෝවකි.



 

Marshall Mathers, Eminem හා Slim Shady Marshall Mathers, Eminem හා Slim Shady Reviewed by Fox Talks on 7:22 AM Rating: 5

No comments :

Powered by Blogger.