ඇලෙක්සැන්ඩර් ඩුගින් පුද්ගලවාදයට එරෙහිව

 


රුසියානු දේශපාලන දාර්ශනිකයෙක් වන ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ සාකච්ඡාවකින් උකහා ගත් අදහස් කිහිපයක් පහත දැක්වේ.


එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් බටහිර රටවල දැන් සිදුවෙමින් පවතින විපර්යාසය - ඇතැම්විට ස්වයං විනාශකාරී ලක්ෂණ ද සහිතව - ආරම්භ වන්නේ සාමූහිකත්වය අභිබවා පුද්ගලවාදය (Individualism) ඉදිරියට පැමිණීමට පටන් ගැනීමෙන් පසුවය. පුද්ගලවාදය යනු මනුෂ්‍ය ස්භාවය තේරුම් ගෙන ඇති වැරදි ආකාරයකි. මෙම සංකල්පය ඇං⁣ග්ලෝ-සැක්සන් ලෝකය තුල ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණ සමඟ ආරම්භ වී ඇති අතර පසුව එය ලිබරල් දෘෂ්ටිවාදයේ කේන්ද්‍රීය අදහසක් බවට පත්විය. ලිබරල්වාදය තූලදී පුද්ගලයා ඕනෑම ආකාරයක සාමූහික අනන්‍යතාවයකින් නිදහස් කර විමුක්තිය සඳහා මඟ සලසා දෙයි.


මෙහි භාවිතාවක් ලෙස මේ කාලයේ දක්නට ලැබෙන්නේ, සාමූහික අනන්‍යතාවයක් වන ස්ත්‍රී/පුරුෂ අනන්‍යතාවයෙන් (gender identity) නිදහස් වන ආකාරයය. එය සංක්‍රාන්ත සමාජභාවී, LGBTQ+ ආදි ලෙස නව ලිංගික පුද්ගලවාදයක් (sexual individualism) දක්වා ගමන් කරමින් තිබේ. එහිදී ස්ත්‍රී හෝ පුරුෂ ලෙස සාමූහිකව එකඟ වන ලිංගික අනන්‍යතාවයන්ට වෙනස්ව පෞද්ගලික තෝරාගැනීමක් බවට පත්වී ඇත. එනම්, ඔබට අවශ්‍ය ලිංගික අනන්‍යතාවය තෝරාගැනීමට හැකිය.


මෙම ලිබරල් දෘෂ්ටිවාදයේ අවසන් අදියර ලෙස පැමිණීමට නියමිතව ඇත්තේ, මානව අනන්‍යතාවයෙන් (human identity) නිදහස් වීමේ අවස්ථාවයි. එනම් පෞද්ගලික අනන්‍යතාවයක් ලෙස මානව හෝ මානව නොවන ලෙස තෝරාගැනීමට හැකියාවක් ලැබේ. එය transhumanism හෝ posthumanism වැනි නමකින් හැදින්විය හැකි අතර කෘත්‍රිම බුද්ධිය එහි ආරම්භයක් ලෙස සැලකිය හැකිය.


ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණ සමඟ ඇරඹුණු ලිබරල් දෘෂ්ටිවාදයේ ගමන් මග මානව අනන්‍යතාවය තෝරාගැනීමක් වන අවස්ථාවෙන් පරිසමාප්තියට පත්විය හැක. සාමාන්‍යයෙන් අනාගතය ගැන විවිධ පුරෝකථන ඉදිරිපත් කරන හොලිවුඩයට පවා ලිබරල් දෘෂ්ටිවාදය විසින් බිහිකරන යුටෝපියානු යහපත් අනාගතයක් පිළිබඳ පරිකල්පනය කිරීමට තවම හැකි වී නැත. එහි බහුලව නිර්මාණය වන්නේ post-human ඩිස්ටොපියානු අනාගතයක ලක්ෂණ සහිත චිත්‍රපටය.

ඇලෙක්සැන්ඩර් ඩුගින් පුද්ගලවාදයට එරෙහිව ඇලෙක්සැන්ඩර් ඩුගින් පුද්ගලවාදයට එරෙහිව Reviewed by Fox Talks on 6:02 AM Rating: 5

No comments :

Powered by Blogger.