Sexual Objectification
බටහිර ස්ත්‍රීවාදී න්‍යායන්ට අනුව sexual objectification යනු කාන්තාවක් තවත් අයෙකුගේ ආශාව සන්තර්පණය කරගැනීමට හැකි වස්තුවක් බවට පත් කරගැනීමය. මෙම ක්‍රියාවලියේ දී කාන්තාවගේ් ආත්මීයත්වය නොසලකා හරින අතර හැඟීම් හා අත්දැකීම් ද සැලකිල්ලට නොගනී (denial of subjectivity). එයින් කාන්තාවගේ වටිනාකම සමාන කරවන්නේ ඇගේ ශරීරයේ පෙනුමට හෝ ලිංගික ක්‍රියාකාරීත්වයටය. අශ්ශීල චිත්‍රපට නිළියන් මේ සඳහා යොදාගන්නා ප්‍රකට උදාහරණයකි. එම්මානුවෙල් කාන්ට් නම් දාර්ශනිකයාට අනුව ඒක භාර්යා/ ඒක පුරුෂ විවාහයෙන් (monogamy) පිටත පවතින ලිංගිකත්වය ප්‍රශ්නකාරී වන අතර එවැනි අවස්ථාවන් objectification සඳහා මඟ පාදයි. එයට ප්‍රතිවිරුද්ධ ලෙස මතුවූ අදහසක ඇත්තේ දූෂණයකදී හෝ බලහත්කාරකමකදී හැර තම ලිංගික සහකාරියන් වස්තූන් ලෙස සැලකීම විරල බවයි.
ඒ කෙසේනමුත්, සමාජජාලා ප්‍රතිචාර දෙස බලන විට සඳනි ෆර්නැන්ඩු ඒ ආකාරයට sexual objectification සඳහා ගොදුරු වූ කාන්තාවක් බව පෙනී යයි. එහෙදී ඇයගේ ශරීරයම වස්තුවක් වීමෙන් ඔබ්බට ගොස් සඳනි ෆර්නැන්ඩු ශරීර අංගයක - පශ්චාත් භාගය - මට්ටමට ඌනනය වී ඇත. ඒ අනුව සඳනි ගැන කතා කිරීම යනු ඇයගේ පශ්චාත් භාගය ගැන කතා කිරීම හැර වෙන යමක් නොවේ.
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:08 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:08 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :