කෝවිඩ් ක්ෂතිය
මේ දිනවල කෝවිඩ් නිසා ඥාතීන් මිය ගිය සහ රෝහල් ගතවී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අයගේ සටහන් කියවීමට ලැබේ.
සැබැවින්ම මේවා බොහොමයක් ශෝකජනක අත්දැකීම්ය.
ඒ අනුසාරයෙන් හුස්ම ගැනීමේ අපහසුවෙන් දැඩි සත්කාරයේ ඇඳක මා වැතිරී සිටින අයුරු සිහියට නඟා ගැනීමට උත්සහ කලෙමි.
ඔක්සිජන් බටයක පිහිටෙන් ජීවිතය රඳවා ගෙන සිටින රෝගීන් බේරා ගැනීමට දිවා රෑ වෙහෙසෙන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් දරනා උත්සහය වෘත්තීය වගකීමෙන් ඔබ්බට ගිය කැපකිරීමකි.
මරණය දිශාවට ගමන් කරන මිනිසෙක් නැවත ජීවිතයේ දිශාවට ඇද ගැනීමට ඔවුන් දරන උත්සහයට ස්තූතිවන්ත වියයුතුය.
අවට ලෝකයේ ගැටුමකට, ජයග්‍රහණයකට, විනෝදයකට, සිනහවකට තුඩු දෙන කුමන දෙයක් දුටුවත්, ඒ අතරතුර දකින ශෝකජනක කෝවිඩ් අත්දැකීම් ඉහත සියලු දේ යටින් හුයක් සේ නොකඩවා දිවෙන ක්ෂතිමය හැඟීම වෙතට ක්ෂණයකින් නැවත ඇද දමයි.
හුස්ම අල්ලාගෙන මරණය ආසන්නයට ගියෙමි.
ෆයිසර්, සයිනෝෆාම්, පැණි, ඔක්සිජන්, කොත්තමල්ලි, දෙහි කොළ, පිරිත් ඕනෑම දෙයක් භාර ගැනීමට මා සුදානම් ය.
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
8:22 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
8:22 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :