පියුමිට ජීවිතය විදින්න ඉඩ දෙන්න
මාස කිහිපයකට පෙර පියුමි හංසමාලී කරලියට පැමිණි විට ඇතැමුන්ගේ අදහස වූයේ පියුමිට ජීවිතය විඳින්න ඉඩදිය යුතුය යන්නයි. මේ පිරිස බරපතල ලෙස අමතක කරන කාරණය නම් ඇයට එසේ තමාගේ පාඩුවේ ජීවිතය විඳ ගැනීමට ඉඩ හැරියහොත් පියුමි හංසමාලීගේ පැවැත්මත් ඒ සමඟ අහෝසි වී යාහැකි බවය. පියුමි යනු එසේ තනිවම ජීවිතය විඳීමට ආශා කරන හෝ හැකියාවක් ඇති ස්ත්‍රියක් නොවේ. එනම් පියුමිගේ පැවැත්මට you go girl වර්ගයේ ස්ත්‍රීවාදී කොමෙන්ට් වලින් හෝ අහසින් කඩාපාත් වෙන වට්ටෝරු ලියවිලි වලින් ලැබෙන දිරිමත් කිරීම් සතපහකට වැඩක් නැති බවයි. මෙයින් ඇය එවැනි ලියවිලි තමාගේ බිත්තියේ ෂෙයාර් නොකරනවා කියා අදහස් නොවේ.
දැන් පියුමි කරලියෙන් බැසගොස් ඇති නිසා ඇය ජිවිතය විඳින ආකාරය සමාජජාලා තුලින් සොයා බැලිමේදී දැකගත හැකිවූයේ ඇය තමන්ගේ සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වී සිටින බවයි. ඇයට ජීවිතය විඳීමට මඟ පෙන්වු අයට ඇය අමතක වී ගොසින්ය. දැන් නැවත පියුමිගේ ගණුදෙනුව පවතින්නේ ඇය සහ ඇය සමඟ සැමදා ළඟින් සිටි විපරීත රසික පදනම අතරය. පියුමි හංසමාලී පවතින්නේ ද ඇය ෆොටෝ, වීඩියෝ එක් කරන්නේ ද ඔවුනොවුන් සඳහාය. ඇය ෆේස්බුක් ලයිව් එන්නේ ස්ත්රීවාදීන්ට ලිපි ලිවිමට අයිඩියා දීමට නොව මෙම විපරීත ගණුදෙනුව පවත්වා ගැනීමටය. ආන්දෝලනාත්මක අවස්ථා වලදී බාහිරින් සම්බන්ධ වූ ආගන්තුකයින් දැන් නොමැති වුවත් පියුමි තමන්ට සමීප රසික පදනම සමඟ සම්බන්ධය ඉතාමත් ශක්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යයි. කොමෙන්ට් තීරයේ ඔවුන්ගේ ආදරණීය ගණුදෙනුව දැකගත හැකිය.
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
8:53 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
8:53 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :