කෝවිඩ් ගෝත්‍රික සමාජය
ප්‍රාථමික සමාජ ක්‍රම තුලදී තම පැවැත්ම තහවුරු කරගත හැකිවූයේ මූලික වශයෙන් ශරීර ශක්තිය හා උපායශීලීත්වය වැනි කාරණා මත වන අතර නීතියේ පිළිසරණක් බලාපොරොත්තු විය නොහැකි විය. සත්ව ලෝකය ක්‍රියාත්මක වන්නෙත් ඒ ආකාරයටය. ඇපොකැලිප්ටෝ චිත්‍රපටයේ එක් දර්ශනයක දැක්වෙන්නේ එක් ගෝත්‍රයක ග්‍රහණයට හසුවී සිටින තවත් ගෝත්‍රිකයන් පිරිසකට නිදහස ලබා දෙන අවස්ථාවකි. විශාල එළිමහන් භූමියක එක කෙළවරක සිටින සිරකරුවන් මුදාහල විට එළිමහන් භූමිය හරහා ගොස් එහා කෙළවරයෙන් පටන් ගන්නා වනාන්තරයට රිංගා ගතහොත් නිදහස ලබාගත හැකිය. නමුත් ඒ අතරතුර බලසම්පන්න ගෝත්‍රයේ හෙල්ල සහ ඊතල පහරවල් දිවයන සිරකරුවන්ට එල්ල වේ. දිවීම පටන් ගන්නා ස්ථානයත් වනාන්තරයේ කෙළවරත් අතර එළිමහන් භූමිය කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවන ප්‍රාථමික අවකාශයකි. ශරීර ශක්තිය හා උපායශීලීත්වය පලායන්නාගේ පැවැත්ම තහවුරු කරයි.
කෝවිඩ් ගෝත්‍රික සමාජය 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:39 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:39 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:39 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:39 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :