Metallica - Monsters of Rock ප්‍රසංගය
1991 වසරේ මොස්කව් නුවර පැවැත් වූ Monsters of Rock සංගීත ප්‍රසංගය ලෝකයේ වැඩිම පිරිසක් සහභාගී වූ සංගීත ප්‍රසංගයක් ලෙස සැලකෙයි. ඒ අවධිය වනවිට අතිශය ජනප්‍රිය ව තිබූ Metallica, AC/DC, Pantera යන රොක් සංගීත කණ්ඩායම් සහ තවත් රුසියානු සංගීත කණ්ඩායම් කිහිපයක් මෙම ප්‍රසංගයට එක්වී ඇත. නිල වාර්තා වලට අනුව මිලියන 1.6 කට අධික ජනකායක් එයට සහභාගී වී ඇති අතර ආරක්ෂක අංශ සාමාජිකයන් 11,000ක් පමණ යොදවා ඇත.
දීර්ඝ කාලයක් පැවති සෝවියට් සංගමය විසුරුවා හැරීමට මාස හතරකට පමණ පෙර මෙම ප්‍රසංගය පැවැත්වීමට සෝවියට් බලධාරීන් විසින් අවසර ලබාදී ඇත. සෝවියට් පාලන සමය තුල බටහිර ජනප්‍රිය සංගීතය සඳහා එතරම් හිතකර වාතාවරණයක් නොපැවති නිසා මෙම ප්‍රසංගය නැරඹීමට අපේක්ෂා කල ගණනටත් වඩා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එක්වී ඇත. කොමියුනිස්ට් පාලනය විසින් දීර්ඝ කාලයක් ඇතිකල පීඩනය තරුණ රුසියානුවන් මුදාහැරි අවස්ථාවක් ලෙස ද මෙම ප්‍රසංගය දැක්වේ. අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවත්, රොක් සංගීතයේ ඇති ජවසම්පන්න බවත් මුසුවීම නිසා ඇතිවූ කලහාකාරී තත්වය පාලනය කිරීමට හමුදාව ගන්නා දරදඬු ක්‍රියාමාර්ග ප්‍රසංගය පුරාවට දැකගත හැකිය. මෙහිදී ඇතිවු ගැටුම් වලින් 53 දෙනෙකු මියගොස් (නිල වශයෙන් සඳහන් නොවේ) තවත් සිය ගණනක් තුවාල ලබා ඇතිබව ද දැක්වේ.
Metallica සංගීත කණ්ඩායමේ Enter Sandman ගීතය.
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:16 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:16 AM
                    Rating: 
                    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :