එක්ස්ප්‍රස් පර්ල්
සිගරට් බිව්වහම පෙනහල්ලට වෙන දේ පෙන්නන විවිධ පරීක්ෂණ තියෙනවා. පෙනහල්ලට වෙන දේ එහෙම එළියේ පෙන්නුවාම මිනිස්සු ඔලුවේ අත ගහගන්නවා. මෙතන වෙලා තියෙන්නේත් එහෙම දෙයක්. නැවේ ගෙනාපු ජාති එක තැන ගිනි අරගෙන වෙරළට ගොඩ ගහලා වෙරළ එක පාරටම කැත වෙලා. අර ප්ලාස්ටික් කැට වලින් කොකා කෝලා බෝතල් හැදුවට පස්සේ මේ තරම් අවුලක් නෑ. බීලා එම්ටි බොටල් එක බින් එකට දාන්ඩ පුළුවන්. බින් එකෙන් එහාට අපේ වගකීමක් නෑ. අපි පරිසරය වෙනුවෙන් කරන්ඩ ඕන යුතුකම කරලා ඉවරයි. ඒවා පස්සේ මුහුදෙත් පාවෙයි. කැස්බෑවෙකුගේ බෙල්ලේ හිර වෙලා තියෙයි. එතකොට ආයෙත් ඔලුවේ අතගහ ගන්ඩ පුළුවන්. මේ නැව් දුවන්නේ පැහැදිලිවම අපේ අවශ්‍යතාවයන් වෙනුවෙන්. අපේ වෙරළ විනාශ වුනේ නැත්තන් ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරක් හරි දියවෙයි. මම ඕවට එච්චර කම්පා වෙන්නේ නෑ. කම්පා වෙලා වැඩකුත් නෑ.
එක්ස්ප්‍රස් පර්ල් 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:02 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:02 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:02 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:02 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :