කොරෝනා කාංසාව
හෙම්බිරිස්සාවක, කැස්සක, උණක ලක්ෂණ පහල වුවොත් කාංසාව බියක් දක්වා වර්ධනය වෙයි. මේවා අපට හුරුපුරුදු රෝගයන්ය. මේ රෝග ලක්ෂණ කිසිසේත්ම බියක් ඇතිකර ගතයුතු දේවල් නොවුනත් මේ දිනවල දී එය අපගේ අභ්‍යන්තර නිදහස සම්පූර්ණයෙන්ම අහිමි කරවයි. කොරෝනා අපට නිරෝගීව සිටීමේ අවස්ථාව මෙන්ම අපට රෝගී වීමේ නිදහස ද අහිමි කරවා ඇත.
කොත්තමල්ලි, පැණි, දුම්හට්ටි වැනි දේශීය ප්‍රතිකාර වලට මිනිසුන් යොමුවන්නේ රෝග නිවාරණයටම පමණක් නොව තමන්ගේ ශරීරය තුල සිදුවන දේ ගැන ඇති අවිනිශ්චිත හැඟීමෙන් මිදීමට ද විය හැකිය. මේවා සායනික පරීක්ෂණ වලින් පමණක්ම තහවුරු කරගත හැකි දෑ කියා කිව නොහැක. කෙනෙකුන් කොරෝනා නිසා ආසාදිතයෙක් ලෙස මිය ගොස් තවත් අයෙකු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සාමාන්‍ය පරිදි ජීවත් වනවා දැකීම නිසා රෝගය පිළිබඳ අවසාන විනිශ්චයකට පැමිණෙන්නේ කෙසේද?
නැවතත් අපට නිවිසැනසිල්ලේ කැස්සක්, උණක්, හෙම්බිරිස්සාවක් සමඟ කල්ගත කිරීමට ලැබෙන්නේ කවදාද?
කොරෝනා කාංසාව 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:58 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:58 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:58 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:58 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :