වේදනාකාරී තාක්ෂණය
Smart home සම්බන්ධ දැන්වීම්වල පෙනී සිටින්නේ ප්‍රීතිමත්, ශක්තිමත් න්‍යෂ්ටික පවුල්ය. ඒ මෙවැනි තාක්ෂණික පාරාදීසයක සතුටින් සිටිය හැක්කේ එවැනි පරිපූර්ණ පවුලකට පමණක් නිසාය. අනෙකුත් පවුල් ඒකක සමඟ තාක්ෂණය ඕනැවට වඩා මුසුවීම අවසන් විය හැක්කේ ඛේදවාචක වලින් ය. තාක්ෂණික උපාංග මෙතරම් ජීවිතවලට සමීපවීම යනු නූතනත්වයේ මූලික අංගයක්වන පෞද්ගලිකත්වය ද අතික්‍රමණය කිරීමකි. CCTV කැමරා පද්ධති හා ජංගම දුරකතන නිසා ඉන්ද්‍රියන් පිනවීම වඩාත් ආරක්ෂාකාරී ලෙස සිදුකිරීමට සිදුවී ඇත. පොඩ්ඩ ගැස්සුන ගමන් නවතින්නේ යූටියුබ් එකේ වයිරල් වීමෙන්ය. එය නූතනත්වය ම නූතනත්වයට සීමා පැනවීමක් ද?
වොයිස් කොමාන්ඩ් වලින් ගෙදර වැඩ කටයුතු බාගෙට බාගයක් සිදුවන මෙවැනි පරිපූර්ණ පවුල් ජීවිත ගත කිරීම කොතරම් වේදනාකාරී අත්දැකීමක් ද? මාළුවට ලුණු මදි වීම නිසා බිරිඳ ඉදිරිපිට පිඟාන පොළවේ ගැසීමෙන් ලැබෙන වින්දනය සැමියෙකුට තවදුරටත් ලබාගත හැකිද? දරුවෙකුට නොදන්නා දෙයක් කියාදීමෙන් ලැබෙන තෘප්තිය මව්වරුන්ට අහිමි වෙමින් පවතී. සියලු දත්ත ක්ෂණයකින් දැන ගත හැකිය. "පොඩි වුනාට පුතා ඔක්කොම දන්නවා" පම්පෝරියෙන් පමණක් සෑහීමට සිදුවනු ඇත. මෙතරම් වේදනාකාරී තාක්ෂණික දියුණුවක් සමඟ ජීවත් විය හැකිද?
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:29 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:29 AM
                    Rating: 
                    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :