පිස්සා
ටික කාලෙකට කලින් අපේ ගෙවල් ආසන්නයේ බස් හෝල්ට් එකේ කව්රුහරි ලොකු බෑග් වගයක ට කුණු පුරවලා එතන ම දාලා ගිහින් තිබුනා. මේක දැක්කහම මට කෝප සහගත හැඟීමක් ඇතිවුනා. ඒත් එක්කම හිතට නැඟුන ප්රශ්නය තමා ඇයි කුණු දාන ස්ථානයකට නොදා බස් හෝල්ට් එකක් වගේ මිනිස්සු ගැවසෙන තැනක් මෙහෙම අපවිත්‍ර කරලා යන්නේ කියලා. මේ විදිහට කුණු දාලා තියෙනවා දෙපාරක් විතර දැක්කා. ඒ ක්‍රියාව කරපු කෙනා දන්නේ නැති වුනත් ඒක දකිද්දී ඕනම කෙනෙකුට ඇතිවෙන්නේ කෝපය මුසු අප්‍රසන්න හැඟීමක්.
පස්සේ මට දැන ගන්න ලැබුනා, ඒ කුණු දාන්නේ පාරේ ඉබාගාතේ ඇවිදින පිස්සු මනුස්සයෙක් කියලා. තොරතුර ආවේ එහෙම. බස් හෝල්ට් වල මෙහෙම කුණු ගොඩවල් වට කරගෙන ඉන්න යාචකයන් ඕනතරම් දැකලා ඇති. මේ සිදුවීම අහද්දීත් කෙනෙකුට එහෙම අදහසක් ඇති වෙනවා වෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ ඒ හිතපු විදිහට ටිකක් වෙනස් සිදුවීමක්. මේ මනුස්සයා ඇත්තටම එතනට දාලා තියෙන්නේ පාර දිගට කිලෝමීටර් ගානක් වැටිලා තියෙන කුණු එකතු කරගෙන ඇවිත්. ඒක ඇහුවම ඒ මිනිහා ගැන මුලදි ඇතිවුන කෝපය අයින්වෙලා කෘතවේදී හැඟීමක් එනවා.
මම දවසක් ඒ මනුස්සයා දැක්කා. බාහිර පෙනුමෙන් යාචකයෙක් කියලා කියන්න පුළුවන් වුනාට පිස්සෙක් කියලා කියන්න බැහැ. එහෙනන් ඒ මිනිහා පිස්සු මනුස්සයෙක් වුනේ කොහොමද? සාමාන්‍ය යාචකයා, පිස්සෙක් කියලා අපි නිගමනය කරන්නේ ඔහු කරන ක්‍රියාව හින්දා. (ඔහුගේ අනෙක් ක්‍රියාකාරකම් අපි දන්නේ නෑ. ඒත් පිස්සෙක් කියන නිගමනයට අර ක්‍රියාව හින්දා විතරක් ඇවිත් තියෙනවා). ඒත් ඒ මිනිහා කරපු දේ පිස්සු වැඩක් ද? එහෙම නැත්තම් මිනිහට තියෙන්නේ සයිකෝසික හැසිරීමක් ද? පාර දිගට කුණු විසිකරගෙන ගිහින් තියෙන්නේ අර මිනිහාට සාපේක්ෂව නිරෝගීයි කියලා කියන්න පුළුවන් පිරිස්. ඒක ඇත්තටම නීරෝගි පුරවැසියෙක් සිදුනොකල යුතු දෙයක්. ඒ වගේම පරිසරය අපවිත්‍ර කරන කුණු අයින් කරන එකත් යහපත්, නීරෝගි හැසිරීමක් කියලා සලකන්න පුළුවන්. සයිකෝසිකයෙක් කියන්නේ රියැලිටිය සමඟ තියෙන සම්බන්ධය බිඳගත් පුද්ගලයෙකුට. එවැනි පුද්ගලයෙක්ගේ ක්‍රියා පිස්සු විකාර කියලත් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ රියැලිටියට අයත් වෙන්නේ බාහිරින් තියෙන සාමාන්‍ය ලෝකය නෙවෙයි ඔහු විසින්ම ගොඩනගා ගත්ත ලෝකයක්. ඔහු ප්‍රතික්‍රියා දක්වන්නේ ඔහු විසින්ම හදාගත්ත ඒ රියැලිටියට. සමහරවිට දැන් මම කියන්න හදන එක තේරෙනවා ඇති.
මෙතන තියෙන්නේ විරුද්ධාභාෂයක්. මිනිහෙක් ඉන්නවා, ඔහුව පිස්සෙක් කියලා නාමකරණය කරලා තියෙනවා. ඔහුව පිස්සෙක් කියලා නාමකරණය කරන්න හේතුවුන ක්‍රියාව අතිශයින්ම නීරෝගි ක්‍රියාවක්. සමහරවිට කුණු එකතු කිරීම ඔහුගේ රියැලිටියේ යම් දෙයකට දක්වන ප්‍රතික්‍රියාවක් වෙන්නත් පුළුවන්. මේක ඔහුට විතරක් නෙමෙයි, ඕනෑම නීරෝගි පුද්ගලයෙක් ගිහින් පාර දිගේ කුණු එකතු කරගෙන ගියත් පිස්සෙක් කියන ලේබල් එක වදින්න පුළුවන්. අවම වශයෙන් "මේ යකාට පිස්සුද ? " කියලවත් හිතෙනවා.
මෙතන තියෙන අනික් විරුද්ධාභාෂය තමා, පාර දිගේ කුණු එකතු කරන කෙනා පිස්සෙක් වෙද්දී පාරට කුණු විසිකරන කෙනා ඊට සාපෙක්ෂව පිස්සෙක් කියලා හඳුන්වන්නේ නැති එක. ඒ කියන්නේ බස් එකේ යන ගමන් මම පොලීතින් මල්ලක් එළියට විසිකරා කියලා කව්රැත් පිස්සෙක් කියලා මාව හඳුන්වන්න ඉක්මන් වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි, ට්‍රිප් එකක් යන බස් එකක් පාරක් අයිනේ නවත්තලා බත් කාලා, කෑම කොළ හැමතැනම දාලා ගියත් පිස්සෝ ටිකක් ට්‍රිප් යනවා කියන්නේ නෑ.
පිස්සා
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:42 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:42 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:42 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:42 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :