ඉහළ මධ්‍ය පාංතික සිස්ටම් චේන්ජ්
අපේ සමාජ පංතියේ පවුල් වල නැදෑයන්, හිතවතුන් හම්බ වුනාම ගහන පම්පෝරි වල සාමාන්‍යයෙන් තියෙන්නේ මේ වගේ ෆ්ලෝ එකක්.
 "අපේ දුව ස්කොලර්ෂිප් එක්සෑම් එක හොඳට පාස්. ආය කොහේ යන්නද අනේ? මේ ඉස්කෝලෙම තමා. "
 "අපේ දුව ස්කොලර්ෂිප් එක්සෑම් එක හොඳට පාස්. ආය කොහේ යන්නද අනේ? මේ ඉස්කෝලෙම තමා. " "පොඩි දුවට ඕ ලෙවල් වලට A අටයි. මහමායා යන්න පුළුවන්. එයාට බයෝ කරන්න ඕන කියන්නේ. "
"පොඩි දුවට ඕ ලෙවල් වලට A අටයි. මහමායා යන්න පුළුවන්. එයාට බයෝ කරන්න ඕන කියන්නේ. " "අපේ අක්කගේ පුතත් මේ පාර ඒ ලේවල් හොඳට පාස් වුණානේ. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක දහඅට. ජපුර යන්න පුළුවන්. "
"අපේ අක්කගේ පුතත් මේ පාර ඒ ලේවල් හොඳට පාස් වුණානේ. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක දහඅට. ජපුර යන්න පුළුවන්. " "ලොකු පුතා මොරටුවේ, ගිය අවුරුද්දේ අවුට් වුනේ, දැන් ටෙලිකොම් එකේ වැඩ. පොඩි පුතා තාම කැළණියේ, කැම්පස් ඉවර වුන ගමන් මාස්ටර්ස් වලට රට යන්න ඉන්නේ. "
"ලොකු පුතා මොරටුවේ, ගිය අවුරුද්දේ අවුට් වුනේ, දැන් ටෙලිකොම් එකේ වැඩ. පොඩි පුතා තාම කැළණියේ, කැම්පස් ඉවර වුන ගමන් මාස්ටර්ස් වලට රට යන්න ඉන්නේ. " "අනේ පුතානන් කොහොමහරි ධර්මරාජේට දාගත්තා, ඇඩ්‍රස් වල ඉෂු එකක් නිසා දුව හයිස්කූල් දාගන්න බැරිවුණා. එයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මා. ඒවත් හොඳයි අනේ. "
"අනේ පුතානන් කොහොමහරි ධර්මරාජේට දාගත්තා, ඇඩ්‍රස් වල ඉෂු එකක් නිසා දුව හයිස්කූල් දාගන්න බැරිවුණා. එයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මා. ඒවත් හොඳයි අනේ. " "පුතාලා දෙන්නම ඔස්ට්‍රේලියා ඉන්නේ දැන්. ඉස්සරලා අයියා ගියා, පස්සේ මල්ලිවත් ගත්තා. පොඩි පුතානන් තාම ස්ටඩීස් කරනවා. "
"පුතාලා දෙන්නම ඔස්ට්‍රේලියා ඉන්නේ දැන්. ඉස්සරලා අයියා ගියා, පස්සේ මල්ලිවත් ගත්තා. පොඩි පුතානන් තාම ස්ටඩීස් කරනවා. " "දුවට ගිය මාසේ PR හම්බ වුනානේ. එන්න එන්න කියලා පොරේ. කොහේ යන්නද අනේ මේ වැඩ ගොඩත් එක්ක. මෙයානන් යන්න කැමතියි. ඒත් ගෙදර බලාගන්නත් කව්රුත් නෑනේ. "
"දුවට ගිය මාසේ PR හම්බ වුනානේ. එන්න එන්න කියලා පොරේ. කොහේ යන්නද අනේ මේ වැඩ ගොඩත් එක්ක. මෙයානන් යන්න කැමතියි. ඒත් ගෙදර බලාගන්නත් කව්රුත් නෑනේ. " "ඔව්, වෑන් එක වික්කා. පොඩි ලෙඩ ටිකක් ආවා. ඇක්වා එක හොඳයි, හොඳට පෙට්‍රල් කරනවා. පොඩි ලීසිං එකක් තියෙනවා එච්චරයි. "
"ඔව්, වෑන් එක වික්කා. පොඩි ලෙඩ ටිකක් ආවා. ඇක්වා එක හොඳයි, හොඳට පෙට්‍රල් කරනවා. පොඩි ලීසිං එකක් තියෙනවා එච්චරයි. " "නෑ, කොන්ෆරන්ස් එකකට සිංගප්පෝ ගිහින්. අවුරුදු පහුවෙයි එද්දී. කම්පැණි එක ගානේ යවලා තියෙන්නේ. අපේ පුතා තමා ගියපු අය ඔක්කොම හැන්ඩ්ල් කරන්නේ. "
"නෑ, කොන්ෆරන්ස් එකකට සිංගප්පෝ ගිහින්. අවුරුදු පහුවෙයි එද්දී. කම්පැණි එක ගානේ යවලා තියෙන්නේ. අපේ පුතා තමා ගියපු අය ඔක්කොම හැන්ඩ්ල් කරන්නේ. " "පහුගිය දවස් ටිකේ අලුතෙන් ගේ හැදුවා. දැනට යට තට්ටුය විතරක් හදාගෙන පදිංචියට ගියා, පස්සේ කාලේක උඩ තට්ටුව හදලා රෙන්ට් එකට දෙන්න හිතාගෙන ඉන්නවා. බලමු ලෝන් එක පාස් වුනොත්. "
"පහුගිය දවස් ටිකේ අලුතෙන් ගේ හැදුවා. දැනට යට තට්ටුය විතරක් හදාගෙන පදිංචියට ගියා, පස්සේ කාලේක උඩ තට්ටුව හදලා රෙන්ට් එකට දෙන්න හිතාගෙන ඉන්නවා. බලමු ලෝන් එක පාස් වුනොත්. " "එහේ පොලිසියේ ඕඅයිසී තමා අපේ වයිෆ්ගේ අක්කා බැදලා ඉන්න හස්බන්ඩ්ගේ අයියා. ආය එක කෝල් එකෙන් වැඩේ ගොඩ. ලයිසන් එක ඒ වෙලාවෙම දුන්නා. "
"එහේ පොලිසියේ ඕඅයිසී තමා අපේ වයිෆ්ගේ අක්කා බැදලා ඉන්න හස්බන්ඩ්ගේ අයියා. ආය එක කෝල් එකෙන් වැඩේ ගොඩ. ලයිසන් එක ඒ වෙලාවෙම දුන්නා. " " අපරාදේනේ? ඇයි කලින් කිව්වේ නැත්තේ? ඒජී ඔෆිස් එකට ගිහින් කෝල් එකක් දුන්නනන් පොළිමේ ඉන්නේ නැතුව ටක්ගාලා වැඩේ කරගන්න තිබ්බා. "
" අපරාදේනේ? ඇයි කලින් කිව්වේ නැත්තේ? ඒජී ඔෆිස් එකට ගිහින් කෝල් එකක් දුන්නනන් පොළිමේ ඉන්නේ නැතුව ටක්ගාලා වැඩේ කරගන්න තිබ්බා. " "අැමතිතුමාගේ ළඟම හිතවතෙක්. දකුණු අත වගේ තමා. මම කිව්වොත් බෑ කියන්නේ නෑ, මොකද මම මිනිහට සෑහෙන්න උදව් කරලා තියෙනවා. හෙට අනිද්දම ඩොකියුමන්ට්ස් ටික ගෙනත් දෙන්කකෝ. "
"අැමතිතුමාගේ ළඟම හිතවතෙක්. දකුණු අත වගේ තමා. මම කිව්වොත් බෑ කියන්නේ නෑ, මොකද මම මිනිහට සෑහෙන්න උදව් කරලා තියෙනවා. හෙට අනිද්දම ඩොකියුමන්ට්ස් ටික ගෙනත් දෙන්කකෝ. " "ආය මොනවද? කම්පැණියෙන් අලුත්ම වෙසල් එකක් දීලා තියෙන්නේ. තෙල් ටික ගහන්න සල්ලි දෙනවා. ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා වැඩට. කිසි අවුලක් නැතුව වැඩ ටික කරන් ඉන්නවා."
"ආය මොනවද? කම්පැණියෙන් අලුත්ම වෙසල් එකක් දීලා තියෙන්නේ. තෙල් ටික ගහන්න සල්ලි දෙනවා. ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා වැඩට. කිසි අවුලක් නැතුව වැඩ ටික කරන් ඉන්නවා." "අපේ රටේ කිසි නීතියක් නෑනේ මෙයා. ඒ රටවල්වල එහෙම නෙමෙයි. නීතිය ඔක්කොටොම එකයි. ආය අරයට එකක් මෙයාට එකක් එහෙම නෑ. ඕන තැනක පෝලිමේ ගිහින් තමා වැඩේ කරගන්නේ. "
"අපේ රටේ කිසි නීතියක් නෑනේ මෙයා. ඒ රටවල්වල එහෙම නෙමෙයි. නීතිය ඔක්කොටොම එකයි. ආය අරයට එකක් මෙයාට එකක් එහෙම නෑ. ඕන තැනක පෝලිමේ ගිහින් තමා වැඩේ කරගන්නේ. "
අපේ සමාජ පංතියේ සාමාජීය, ආර්ථික, අධ්‍යාපනික ක්‍රියාකාරකම්වල පරාසය තමා මේ තියෙන්නේ. මේ පරාසය ඇතුලේ ජීවිතය ගෙවන එක තමා ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තුව වෙන්නේ සහ සාර්ථක ජීවිතයක් කියලා සලකන්නේ. මේ පරාසයෙන් එළියට යන්න හිතන්නේවත් නැතුව සමහර අවස්ථාවල සිස්ටම් චේන්ජ් කරන්න කතා කරනවා. මේ පරාසයෙන් එළියට යන්නේ නැතුව සිස්ටම් චේන්ජ් කරන්න තියෙන හොඳම විදිහ කියලා හිතන්නේ අකමැති (නරක නෙමෙයි) දේශපාලකයන් ඊළඟ ඡන්දෙන් ගෙදර යවන එක, ආණ්ඩු පෙරලන එක, පාර්ලිමේන්තුව දියවන්නාවෙම ගිල්ලන්න ප්ලෑන් කරන එක වගේ දේවල්. 
ඉහළ මධ්‍ය පාංතික සිස්ටම් චේන්ජ් 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:25 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:25 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:25 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:25 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :