Food Paradox
සිරි රම්‍යා හෝටලයට යන මා කෙටි කෑම ඇනවුම් කරයි. වේටර්වරයා පැමිණ කුඩා පිඟානක් මා ඉදිරියෙන් තබා සෝස් බෝතලය පැත්තකින් තබයි. ටික වේලාවකින් රෝල්ස්, පැටිස්, කට්ලට් සහිත පිඟාන පැමිණෙයි. මගේ ප්‍රියතම මාළු කට්ලට් එකක් අතට ගන්නා මා සෝස් බෝතලයෙන් ටිකක් පිඟානට හලා ගනියි. සෝස් හලා ගැනීමට තීරණය කරන මොහොතේ මා සිදුකරන අවිඥානික නිගමනය නම් පිඟානේ ඇති කට්ලට් එකේ මා බලාපොරොත්තු වන යම් රසයක අඩුවක් ඇති බවයි. එනම් මට අනුව ඒ අවස්ථාවේ කට්ලට් එක රසයෙන් පරිපූර්ණ නැත. එම අඩුව සම්පූර්ණ කරගන්නේ බාහිරින් එකතු කරගන්නා සෝස් ස්වල්පයෙන්ය. සෝස් සමඟ කට්ලට් දැන් පරිපූර්ණ ආහාරයක හැඟීම ලබාදෙයි. බිත්තර බනිස් මාගේ ප්‍රියතම නොවූවත් ඒවා කෑමට සෝස් අවශ්‍යම නැත.
තද අව් රශ්මියේ නගරයේ ඇවිදින ඔබ ඇතිවූ අධික පිපාසය නිසා පළතුරු බීම කඩයකට ගොස් දිවුල් පානයක් ඇනවුම් කරයි. ලැබෙන දිවුල් වීදුරුව මදක් පානය කර බලන ඔබ එහි ප්‍රමාණවත් තරම් දිවුල් සාරය නොමැතිවීම, වතුර ගතිය වැඩිවීම ආදිය නිසා නොසතුටට පත්වේ. දිවුල් රසය වින්දනය කිරීමට හැකියාවක් නොමැති නිසා එක හුස්මට දිවුල් වීදුරුව හිස් කර දමන ඔබ නොසතුටු සිතින් කඩයෙන් පිටත් වෙයි. ඔබ පානය කළ දිවුල් බීම වීදුරුව ගැන නොසතුටට පත්වුවත්, එම නොසතුට ඇති කරවූ හේතුවම අන් අයුරකින් සන්තෘප්ත කරන්නේ ඔබ පළතුරු බීම කඩයට ඇතුළු වූ මූලික හේතුවමය.
Food Paradox
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:45 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:45 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:45 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:45 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :