හැකිතාක් අනේකාට නොතේරෙන ලෙස ලියමු
විද්‍යාව, හිස්ටෙරික කතිකාව සහ මනෝවිශ්ලේෂණාත්මක න්‍යාය
මනෝවිශ්ලේෂණය විද්‍යාවෙන් වෙන් කර හඳුනාගැනීම සඳහා ප්‍රත්‍යය (cause) සහ ආත්මයක් (subject) ප්‍රත්‍යයට දක්වන ලුබ්ධිමය සම්බන්ධය සැලකිල්ලට ගත යුතුය. එහෙත් වාග් විද්‍යාවේදී, උදාහරණයකට, යම් ආත්මයක් සැලකිල්ලට ගනු ලබන්නේ සංකේතික පිළිවෙල (symbolic order) තුලදී, එනම් හැඟවුම්කරණයකින් (signifier) නිශ්චය කරගත්තාක් මෙන් පමණි. එමනිසා මනෝවිශ්ලේෂණය ආත්මයක දක්නට ලැබෙන විවිධ ස්වරූප දෙකක් සමඟ අරගලයක නිරත වෙයි. ඒවානම්,
01. සමායෝජනයේ හෝ න්‍යාසයේ (matrix) ශුද්ධ ආත්මය (pure subject) - ප්‍රත්‍යයක් නොමැති ආත්මය.
02. සංතෘප්ත ආත්මය (saturated subject). එනම් object of jouissance (ලුබ්ධිමය වස්තුව) සමඟ සම්බන්ධයක් ඇති ආත්මය.
හැටේ දශකය වනවිට ලැකානීයානු මනෝවිශ්ලේෂණයේ ව්‍යාපෘතිය බවට පත්වී තිබුණේ - cause and subject - යන මූලාවස්ථික සංකල්ප දෙක විරුද්ධාභාෂයක් ලෙස පෙනුනත්, ඒවා පවත්වාගෙන යාම හා තවදුරටත් ගවේෂණය කිරීමත්ය. මෙම අවධිය වනවිට ලැකාන්ගේ වැඩපිළිවෙල තුල විද්‍යාව හා මනෝවිශ්ලේෂණය අතර වෙනස්කම් ඉක්මවා යා නොහැකි තත්වයට පත්වී තිබේ.
මෙම තත්වය යම්තාක් දුරකට හෝ වෙනස් වුයේ ලැකාන් විසින් සැබෑ විද්‍යාත්මක කතිකාව හිස්ටෙරික කතිකාව (hysteric discourse) සමඟ හඳුනාගැනීමත් සමඟය. සැබෑ විද්‍යාත්මක වැඩපිළිවෙළ ප්‍රත්‍යය කිසිවිටෙකත් බැහැර කිරීමකට ලක් නොකරයි. එය අනුරූප වන්නේ නීතියේ කාර්ය පටිපාටියේ මෙන් සෞම්‍ය ක්‍රියාකාරිත්වයකට බාධා පමුණුවන, නමුත් හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මයේ සිදුවීම හා සමාන තත්වයක් සමඟ සැලකිල්ලට ගැනීමෙනි. මෙහිදී සත්‍යය නිහඬ නොවී සම්මුඛ වීමක් (යථාව (real) සම්මුඛ වීමක් ලෙස) සිදුවේ. මෙහිදී භෞතික විද්‍යඥයන් පවසනු ඇත්තේ ඔහු හෝ ඇයව, දන්නා ආත්මයකින් වෙනස් ආකාරයකට ක්‍රියාකිරීමට, තමන් මුලාවීමකට ලක්විය යුතු බවයි. ඒ අනුව බලන කල විද්‍යාත්මක කතිකාව (scientific discourse) හා හිස්ටෙරික කතිකාව සමපාත වීමක් සිදුවේ.
නමුත් එය මනෝවිශ්ලේෂණය අතහරින්නේ කොහේදීද? මනෝවිශ්ලේෂණාත්මක කතිකාව (psychoanalytic discourse), සායනික රාමුවක් තුල සක්‍රීය වන ලෙසට, පැහැදිලිවම හිස්ටෙරික කතිකාව තුලින් වෙනස් වෙයි. එමෙන්ම එය න්‍යාය නිර්මාණය කිරීමට සම්බන්ධ නොවී විශේෂයෙන් මනෝවිශ්ලේෂණාත්මක අන්තයෙන් නිර්වචනය වන ප්‍රැක්සීස් (praxis) හා සම්බන්ධ වේ. එයට පදනම් වන්නේ විශ්ලේෂකයාගේ ගුප්ත ආශාව (enigmatic desire), විභේදනය, ෆැන්ටසියේ පරික්‍රමණය ආදියයි. එය තේරුම් ගැනීම මත පදනම් වෙන භාවිතාවක් නොව, විශ්ලේෂකයා හෝ රෝගියා හෝ වෙනුවෙන්, නිශ්චිත කාර්‍යක්ෂමතාවයක් මත පදනම් වෙන භාවිතාවකි. (ඇරිස්ටෝටල්ගේ වචන පිළිබද දැනීම මෙන්)
මනෝවිශ්ලේෂණාත්මක කතිකාව, න්‍යාය නිර්මාණයේදී සක්‍රීය වන ලෙස, සත්‍යය බැරැරුම්ව සලකන තාක්කල් - සැබෑ ප්‍රත්‍යය සම්මුඛ වීම ක්‍රමවත්ව දැක්වීමට උත්සහ කිරීම - එය බොහෝදුරට හිස්ටෙරික කතිකාවේ ආකාරයට එනම් විද්‍යාත්මක කතිකාවේ ආකාරයට ක්‍රියාකරයි. මට පෙනෙන ආකාරයට - එය අති සරළ කිරීමකට ලක්වුවත් - මූලික විද්‍යාවෙන් ව්‍යවහාරික විද්‍යාව වෙන්කර දැක්වීම වැදගත් වේ. එමෙන්ම ගැඹුරු න්‍යායික කරුණු වලින් මනෝවිශ්ලේෂණයේ ඇති සායනික ලක්ෂණ වෙන්කර දැක්වීමද වැදගත් වේ.
ප.ලි : සමාවන්න, මෙය හැකිතාක් අනෙකාට (සහ මට) නොතේරෙන ශෛලියට පරිවර්තනය කෙරු ලිපියක් බැවින් ප්‍රශ්න ඇසීමෙන් වලකින්න. 😎😁😁
හැකිතාක් අනේකාට නොතේරෙන ලෙස ලියමු
Reviewed by
Fox Talks
on
5:21 AM
Rating:
No comments :