පොර්න්හබ් අංක එක: ස්ත්‍රී සමලිංගිකත්වය
පොර්න්හබ් වෙබ් අඩවිය විසින් නිකුත්කර තිබූ අශ්ශීල වීඩියෝ නැරඹීම සම්බන්ධ සංඛ්‍යාලේඛන අඩංගු පෝස්ට් එකක් අධ්‍යයනය කිරීමෙන් පසු මාගේ මිත්‍රයෙක් විශ්මයට පත්වී තිබුණි. ඒ එම දත්ත වලට අනුව ලෝකයේ වැඩියෙන්ම නරඹන අශ්ශීල වීඩියෝ ප්‍රවර්ගය වන්නේ ලෙස්බියන් හෙවත් ස්ත්‍රී සමලිංගිකත්වයට සම්බන්ධ වීඩියෝ නිසාය. ඔහුට පමණක් නොව අප බොහෝදෙනෙකුටත් එය ප්‍රශ්නාර්ථයක් නැගෙන දත්තයකි. එම ප්‍රවර්ගයට ඉහළම ප්‍රතිචාර ලැබී තිබීම මඟින් අදහස් වන්නේ කුමක් ද? එය ස්ත්‍රී සමලිංගිකත්වයේ අධි වර්ධනයක් සම්බන්ධ නිර්ණායකයක් ද?
අන්තර්ජාලයේ අශ්ශීල වීඩියෝ දර්ශන නැරඹීම අතින් 70% වඩා වැඩි ප්‍රතිශතයකට දායක වන්නේ පිරිමින් ය. එසේනම් ලෙස්බියන් වීඩියෝ නැරඹීමේ අගය ඉහළටම පැමිණිමට හේතුව කුමක් ද? මා යෝජනා කරන්නේ ස්ත්‍රී සමලිංගිකත්වය සම්බන්ධ දත්ත ඉහළ අගයක් ගැනීම, ස්ත්‍රී සමලිංගිකත්වයේ අධික වර්ධනයක් ලෙස නොව විෂම ලිංගික පිරිමින්ගේ පුළුල් පැතිරීම සම්බන්ධ ශුද්ධ වූ ආකාරයක් ලෙස සලකන ලෙසය. මෙය පැහැදිලි කර ගැනීමට ෆ්‍රොයිඩියානූ මනෝවිශ්ලේෂණයේ එන මනෝලිංගික ශක්තීන්ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ සංකල්පයක් (Cathexis) යොදා ගනිමු.
Cathexis යනුවෙන් හැදින්වෙන්නේ ලුබ්ධිමය ශක්තිය (psychic energy produced by the libido) යම්කිසි පුද්ගලයකු, වස්තුවක් හෝ අදහසක් තුල ආයෝජනය කිරීමේ ක්‍රියාවලියකටය. පිරිමියෙකු ස්ත්‍රී සමලිංගිකත්වය සම්බන්ධ වීඩියෝවක් නැරඹීම මඟින් ඔහුගේ සම්පුර්ණ ලුබ්ධිමය ශක්තිය කිසිදු වික්ෂිප්ත වීමකින් තොරව තම ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය වෙත යොමු කිරීමට හැකියාවක් ලැබේ. එනම් cathexis ඉහළ අගයක් ගනියි. එය ස්ත්‍රී ලිංගිකත්වය සම්බන්ධ වීඩියෝ නරඹන පිරිමියාගේ දෘශ්‍යමය උත්තේජනය දෙගුණ කරවීම හෝ ඉහළ නැංවීම සිදුකරයි. එම නිසා පිරිමින් වැඩි පිරිසක් ස්ත්‍රී සමලිංගිකත්වය සම්බන්ධ වීඩියෝ ගවේෂණයට උනන්දු වනවා වියහැක.
පොර්න්හබ් අංක එක: ස්ත්‍රී සමලිංගිකත්වය 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:49 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:49 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:49 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:49 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :