අනාගත ලෝකය යුටෝපියාවක්ද? ඩිස්ටෝපියාවක්ද?
සිනමාකරුවන්ට අනාගතය පෙනෙනවාද නැති ද කියා මා දන්නේ නැත. නමුත් සිනමාකරුවන් අනාගත ලෝකය මේ ආකාරයෙන් වේ යැයි සිතා චිත්රපට නිපදවති. එවැනි චිත්රපට අතරින් අනාගත ලෝකයේ හැඩය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ යැයි මා සිතන්නේ The Hunger Gamesචිත්රපටයෙන් ය. ජිජෙක්ගේ තක්සේරුවට Hunger Games චිත්රපටයට අමතරව Elysium චිත්රපටය ද ඇත. කලකට පෙර අනාගත ලෝකය සම්බන්ධ හොලිවුඩ් චිත්රපට වල අඩංගු වූයේ අන්තර් ග්රහලෝක සබඳතා සහිත සැපවත් ජීවිත ගතකරන මිනිසුන්ගෙන් පිරි තාක්ෂණික යුටෝපියාවකි. නමුත් මෑත භාගයේ සිට සිනමාකරුවන්ගේ අනාගත ලෝකය පිළිබඳ ෆැන්ටසිය වසංගත, ස්භාවික ව්යසන, කෘත්රිම බුද්ධිය මිනිසා ඉක්මවා යාම ආදිය ඇතුලත් ඩිස්ටෝපියාවකට මාරු වී ඇත. අප ඉදිරියෙන් ඇත්තේ අඳුරු අනාගතයකි.
අනාගත ලෝකය යහපත් වීමට නියමිත ව ඇත්නම් පාසල් වෙඩි තැබීම් සම්බන්ධව සිදුවිය යුත්තේ ගිනිඅවි සංසරණය නැවැත්වීමට අවශ්ය නීතිරීති සම්පාදනය කිරීම වැනි ක්රියාමාර්ග ය. නමුත් සිදුවන්නේ පාසල් බෑගය වෙඩි නොවදින ඇඳුමක් බවට පරිවර්තනය කොට වෙළඳ පොළක් නිර්මාණය කිරීම ය.
 🔽 උපුටා ගැනීම spartacus.lk
🔽 උපුටා ගැනීම spartacus.lk  🔽
🔽" නමුත් ධනවාදයේ ස්වභාවයම වන්නේ අර්බුදය පැවතීම සහ එම අර්බුදය උග්රවීම තුළ විද්යාව සහ තාක්ෂණය මගින් ලැබෙන පිළිතුරු තුළ නැවත නැවතත් වෙළඳපොල පුළුල් වීම ය. එනම් ධනවාදය වර්ධනය වනවා යනු සහ “ලෝකය දියුණු වනවා” යනු ධනවාදයේ ස්වභාවය ම වන අර්බුදයක පැවතීම තුලින් වෙළඳ පොළ පුළුල් වීම ය (ධනවාදයේ ස්වභාවය ම වන්නේ නිරන්තර අර්බුදයය යි). ඒ අනුව ධනවාදය තුළ දී අර්බුදය මෝරනවා යනු තව තවත් නිෂ්පාදනය, වෙළඳ පොළ සහ පාරිභෝජනය පුළුල් වීම සහ ඊට අදාළ ක්රය ශක්තිය වෙනුවෙන් අවිවේකී ව වැඩ කරනා හුදකලා මිනිසුන් නිර්මාණය වීම ය. වෙනත් අකාරයකින් “මානව යුගය” (Anthropocene) ලෙස හැඳින්විය හැක්කේ මෙය යි. මෙය අපගේ පෘථිවියේ පෙර නො වූ විරූ තත්වයකි. එම තත්වය තුළ මිනිසුන් හට තව දුරටත් ඔවුනගේ නිෂ්පාදන ක්රියාකාරීත්වයන්හි ප්රතිවිපාක අවශෝෂණය කරගැනීමට සූදානම් ජලාශයක් ලෙස පෘතුවිය මත විශ්වාසය තැබිය නො හැකි ය. "
අනාගත ලෝකය යුටෝපියාවක්ද? ඩිස්ටෝපියාවක්ද?
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:57 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:57 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:57 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:57 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :