වේදනාකාරී සත්‍යය සහ ආශ්වාදජනක ව්‍යාජය
මෙය බැලු බැල්මට අශ්ශීල විහිළුවකි. නමුත් එම අශ්ශීලත්වය තුල මිනිස් සිතේ හැසිරීම පිළිබඳ යම් සත්‍යක් ද දැක්වෙයි. අප බොහෝවිට ප්‍රිය කරන්නේ අපට වේදනාවක් ගෙන දෙන සත්‍යය මඟ හැර යාමටය. ඒ වෙනුවට අපට ආශ්වාදයක් ලබාදෙන ව්‍යාජයට ප්‍රියතාවයක් දක්වයි. ඇතැම්විට ව්‍යාජය පිළිබඳ සවිඥානිකවම එයට ආශක්ත වෙයි.
රෝමැන්ස් ස්කැම් (Romance scam) නමින් ප්‍රසිද්ධව ඇත්තේ ප්‍රේම සම්බන්ධයක් මූලික කරගෙන ගැහැණියක් හෝ පිරිමියෙක් සංවිධානාත්මකව රවටා දමන වැඩපිළිවෙලකටය. මෙම ස්කැම් සම්බන්ධ ඇතැම් වාර්තාවල දක්නට ලැබෙන්නේ තමාගේ චැට් අතුරු මුහුණතේ එහා කෙලවරේ සිටින්නේ තමා මෙන්ම හුදකලා වූ සුදු ජාතික කාන්තාවක් නොව නයිජීරියාව, ඝානාව වැනි අප්‍රිකානු රටක කාන්තාවක් කියා දැන දැනත් එම සම්බන්ධය පවත්වාගෙන යාමට කැමති බටහිර රටවල පිරිමින් ගැන කතාය. ඔවුන් මෙය ව්‍යාජයක් බව දැන දැනත් එම සම්බන්ධය හරහා අත්විඳින ව්‍යාජය තමාගේ වේදනාකාරී යථාර්ථයට වඩා සුවපහසු නිසා මුදල් පවා වියදම් කරමින් එහිම ගැලී සිටිති.
වර්තමාන වෙළඳපොළ යාන්ත්‍රණය පවා සැකසී තිබෙන්නේ අප ඉල්ලා සිටින සුවපහසු ව්‍යාජයන් සංතෘප්ත කරන ආකාරයටය. උදාහරණයකට, වයසට යනවිට කොණ්ඩය සුදුවන වේදනාකාරී සත්‍යය යටපත් කිරීමට වෙළඳපොළ විසින් යෝජනා කරන ඕනෑම විකල්පයකට අප පහසුවෙන් යොමු වෙමු.
වේදනාකාරී සත්‍යය සහ ආශ්වාදජනක ව්‍යාජය 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:44 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:44 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:44 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:44 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :