ජංගම දුරකථන ඉදිරිපස කැමරාව
පුද්ගලවාදයට (Individualism) ප්‍රමුඛත්වයක් ලැබෙන සමාජ සංස්කෘතික වටපිටාවක් තුල ජංගම දුරකථන කැමරාවේ දියුණුව narcissism ඉහළ යාමට හේතුවක් වී ඇති බව අවිවාදිතය. මෙයට වැඩි බලපෑමක් කරන්නේ ඉදිරිපස කැමරාවය. Narcissism රෝග ලක්ෂණ පුළුල්ව පැතිරීම, අධි තාක්ෂණික කැමරා සහ උපාංග සහිත ජංගම දුරකථන නිපදවීම ඉහළ යාම, ඒ සඳහා යොදාගන්නා ස්භාවික සම්පත් ඉහළ යාම, දේශගුණික විපර්යාස, දූපත් රාජ්‍යයන් මුහුදට ගිලී යාම ආදී ලෙස පරිසර හිතකාමීන් ට තිත් යා කරගත හැක.
ඉදිරිපස කැමරාවෙන් හා පසුපස කැමරාවෙන් ඡායාරූප ගැනීමේ වෙනසක් ඇත. පසුපස කැමරාවෙන් ඡායාරූපයක් ගැනීමේ දී එයට මුහුණ දෙන්නන් තවමත් ඡායාරූප වලට පෙනී සිටීමේ දී සාම්ප්‍රදායික ඉරියව් වලට අනුකූල වීමට උත්සහ දරයි. කෙලින් සිටගෙන සිටීම, පරතරයක් තබා ගැනීම, මද සිනහව, වයස, උසේ පිළිවෙල, අවට සිටිනවුන් ගැන අවධානය යොමුකිරීම ආදී ලෙස විනය හා ක්‍රමවත්බව ගැන උනන්දු වෙයි. මෙය කැමරාව සොයාගැනීමේ සිට දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන ආකෘතිය වේ. එනම් ජංගම දුරකථනයක පසුපස කැමරාවට වුවත් තවමත් සාම්ප්‍රදායිකත්වයට අවනත වීමේ ලක්ෂණ ඇත.
නමුත්, ඉදිරිපස කැමරාවට මුහුණ දීමේදී මෙම පිළිවෙල හා විනය අහෝසි වී වඩා නිදහස් ඉරියව් කරා යොමුවෙයි. එහිදී වඩා ලිහිල් ආකාරයට මුහුණ, ශරීර ඉරියව් හා අත් පා තබා ගැනීම සිදුකරයි. සිනහව වඩාත් පුළුල් වෙයි. කටවල් උල් වී, හිසේ සෘජුගතිය අඩුවෙයි. විනෝදකාමී, මිත්‍රශීලි ස්වරූපය ඉස්මතු වෙයි. මෙය ඉදිරිපස කැමරාව විසින් පනවා ඇති විධිමත්භාවය ට එරෙහි වීමකි. සංස්කෘතික බැමි කඩාබිඳ දමා ලිබරල් නිදහස සොයා යෑමකි. සාම්ප්‍රදායිකත්වයට එරෙහිව සිදුකරන කැරැල්ලකි. එමනිසා ඔබ ගන්නා සෑම සෙල්ෆියකම ක්ෂුද්‍ර පරිමාණයෙන් වුවත් ප්‍රති-සංස්කෘතික විප්ලවීය අඩංගුවක් ඇත.
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:04 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:04 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :