OnlyFans සහ ස්ත්‍රීවාදය
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, සාහිත්‍ය, කලාව, සමාජ මාධ්‍ය, සිනමාව ආදිය ස්ත්‍රීවාදී කතිකාවට සුවිශේෂී ස්ථානයක් ලබා දෙන විට මිලියන ගණනක් සාමාජිකත්වය දරන OnlyFans සමාජ මාධ්‍ය තුල ආධිපත්‍යය දරන්නේ ස්ත්‍රීවාදී ප්‍රවේශයන්ට ප්‍රතිවිරුද්ධ වූ පුරුෂ මූලික (patriarchy) ආකෘතියකි. එහි සුරූපී කාන්තාවන් පිරිමින්ගේ දැක්මට (male gaze) අවනත වූ හැසිරීමක් තුලින් මුදල් උපයා ගනියි. ප්‍රධාන ධාරාවේ ස්ත්‍රීවාදී කතිකාව තුල සිටින කාන්තාවන් තමන්ගේ ශරීර හැඩය/මිමි ඒ ආකාරයෙන්ම සමාජය බාරගත යුතු යැයි පවසන විට OnlyFans තුල සිටින කාන්තාවන් පිරිමියාගේ ආශාවට අනුකූල ලෙස තම ශරීර සකසා ගනිති. එමනිසා OnlyFans ප්‍රති-ස්ත්‍රීවාදී අවකාශයක් ලෙස නම් කිරීමට හේතු සාධක සැකසෙන විට තමන්ගේ ශරීරය භාවිතා කලයුතු ආකාරය ගැන ඇති අයිතිය සම්බන්ධ ප්‍රවේශය නිසා නැවතත් ස්ත්‍රීවාදයට ද ඉඩක් විවර වේ. නැවතත්, OnlyFans හරහා කාන්තාවකට තමන්ගේ නිරුවත මුදලට විකිණීමට ඇති අයිතිය (තමාගේ ශරීරය පිළිබඳ අයිතිය) තහවුරු වනවිට, ඇයගේ ශරීර හැඩයේ සීමාවන් නිර්ණය කරන්නේ පිරිමි දැක්ම විසින්ය. මේ නිසා OnlyFans අවකාශයට කාන්තාවක් ඇතුල් වන්නේ ඔබ්ජෙක්ට් එකක් ලෙසද සබ්ජෙක්ට් එකක් ලෙසද යන ගැටළුව මතුවී ඇත.
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
2:19 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
2:19 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :