කොරෝනා මරණ සංකීර්ණය
නිවෙස් තුලට වී මරණ සංඛ්‍යාව ගණන් කරමින් සිටින කාලයක් උදා වේ යැයි කිසිවෙක් නොසිතන්නට ඇත. ප්‍රස්ථාර හා වක්‍රරේඛා අනාගත මරණ ගැන පුරෝකතන ඉදිරිපත් කරයි. අලුත් ආසාදිතයින් හා මරණයට පත්වූවන් ගැන සංඛ්‍යා ලේඛන පරික්ෂා කිරීම දෛනික ව්‍රතයක් බවට පත්වී තිබේ. මරණ වාර්තා වී දින කිහිපයක් ගතවූ පසු අලුතින් මරණ එකතු වනවා දැකීම අවිඥානික බලාපොරොත්තුවක් බවට ද පත්විය. ඒ පිළිබඳ සවිඥානික වුයේ තවත් දින කිහිපයක් ගතවූ පසුවය. එය යම් ප්‍රමාණයකට මා භීතියට පත් කිරීමට සමත් විය. මා මුහුණුපොතේ අනෙකුන් මෙන් නීරෝගි නැතිද? තවමත් මේ මරණ ගැන මට විශේෂ කම්පාවක් ඇති නොවේ. නමුත් එසේ නොවීම මා මානසික පීඩාවට පත් කරයි. වෛරසය වැළදී මියගිය මිනිසුන්ගේ ඡායාරූප දැකීමෙන් යම් ශෝකයක් හටගත්ත ද සංඛ්‍යා ලේඛන දැකීම තුල ඒ ශෝකය නැත. ඒ තුල ඇත්තේ පසුදාත් මෙවැනි ම වූ ඉලක්කම් දැකගැනීමේ සියුම් අපේක්ෂාවකි. සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර මානූෂීය හැඟීම් උපද්දවීමට අසමත්ය. සදාචාරය මේ සියුම් අපේක්ෂාව අවරෝධනය කිරීමට බල කරයි. ෆ්‍රොයිඩ් ට අනුව සුපර් ඊගෝ දරුණු ආකාරයට ඉඩ් සංස්කාරකයේ මේ නරුම හැඟීම යටපත් කිරීමට නියෝග කරයි. මේ දිනවල දවස ගෙවෙන්නේ මේ ආකාරයට ය. සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර බැලීම අතහැර දැමිය යුතුය.
කොරෝනා මරණ සංකීර්ණය 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
12:32 PM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
12:32 PM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
12:32 PM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
12:32 PM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :