දාර්ශනික මතවාද හා අපබ්‍රංශ
දාර්ශනික මතවාදයක් කියන එක නිකන් යූසර් මැනුවල් එකක් කියවලා තේරැම් ගන්නවා වගේ ලේසියෙන් කරන්න බැරිබව ඇත්ත. යම් උත්සහයක් දරන්න වෙනවා. එහෙම උත්සහයක් දරලා ලබාගත්ත දැනුම ඊළගට බලයක් වෙනවා. එකෙන් අනික් මිනිස්සු බය කරන්න පුළුවන්. පහුගිය දවස්වල හෙජමොනිය කියන වචනේ යොදාගන්න හැදුවේ එහෙම. අවාසනාවකට ඒක තේරෙන අය ගොඩක් හිටියා. නොතේරැන අයත් කරපු දෙයක් තිබුණා. ඒ අය හෙජමොනිය කියන්නේ නිකන් භගමනිය වගේ එකක්ද කියන විනෝදාත්මක ප්‍රශ්නය දිගටම අහන්න පටන් ගත්තා. ඒ කියන්නේ නොදැනුම විනෝදය සපයන්න පටන් ගන්නවා. ආචාර්ය නලින් ද සිල්වා කියන දේවල් තේරෙන්නේ නැති අයත් මේ විනෝදය නොකඩවා ගන්නවා.
එක් එක් දාර්ශනිකයන්ගේ තියරි දාලා ශාස්ත්‍රීය ලිපි ලියන ක්‍රම තුනක් විතර දැකලා තියෙනවා. එකක් තමා මුල් දාර්ශනික මතවාද සරළ කරලා අනෙකුන්ට තේරැම් ගන්න පුළුවන් විදිහට ලියන එක. තව ලිපි ජාතියක් තියෙන්වා මුල් දාර්ශනිකයන් කියපු ඒවා තේරැම් ගන්නේ නැතුව එහෙම්ම ගෙඩි පිටින් පරිවර්තනය කරලා දාන එක. එහෙම ඒවා බලද්දී ටික වෙලාවකින් තේරෙනවා මේකේ ඉංග්‍රීසි එකම කියෙව්වනන් මීට වැඩිය තේරෙයි කියලා.
අනික තමන්ගේ ලිපිය හැකිතාක් අනෙකාට නොතේරෙන ලෙස ලිවීම. එහෙම ලියන්නත් මුල් දාර්ශනිකයන් කියපු දේවල් යම්තාක් දුරකට හෝ තේරැම් ගන්න වෙනවා. ත්‍රිමාන වෙබ් සයිට් එකේ එහෙම ඔය ජාතියේ ලිපි තියෙනවා. හැකිතාක් අනෙකාට නොතේරෙන ලියන එකේ පොඩි ආශ්වාදයක් තියෙනවා. දැන් කෙනෙක් මොකක්හරි දාර්ශනික ලිපියක මෙහෙම ලියනවා.
"ජිජෙක් පවසන්නේ ද්විත්ව නිශේධනයක අවසාන ප්‍රතිඵලය තුල ඇත්තේ යම්කිසි ශුද්ධ වූ ආරාධනයක් බවයි. "
මේක මෙතනින් නවත්තලා අනෙකාට හැකිතාක් නොතේරීම කියන තැනට එන්න පුළුවන්. එහෙම නැත්තන් තව පැහැදිලි කරනවා මෙහෙම.
"අපි දැන් මේ න්‍යායාත්මක අපබ්‍රංශය ජිජැකියානු උදාහරණයක් මඟින්ම පැහැදිලි කරගමු. එක්තරා තරැණයෙක් හමුවීමකින් (dating) පසු තරැණියක් ඇයගේ නිවසට ඇරලීමට යයි.
"ඔයා කෝපි එකක් බොන්න ඇතුලට එනවද?"
තරැණිය තම නිවසේ දොරකඩට ළගට පැමිණි පසු තරැණයාගෙන් විමසයි.
"සමාවෙන්න, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම කෝපි බොන්නේ නෑනේ."
ඒ තරැණයාගේ පිළිතුරයි.
" ආ..ඒකට කමක් නෑ. මගේ ළගත් කෝපි නෑ".
තරැණිය සිනාමුසු මුහුණින් නැවත පවසයි.
දැන් ටිකක් පැහැදිලි වෙනවා අපබ්‍රංශයෙන් කිව්වේ මොකක්ද කියන එක.
දාර්ශනික මතවාද හා අපබ්‍රංශ 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:23 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:23 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:23 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:23 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :