යහපාලන මල්
ඊශ්‍රායලයේ යකඩ ගැහැණිය විදිහට හදුන්වපු ගෝල්ඩා මෙයර්ගෙන් වරක් අහනවා ප්‍රශ්නයක්,
" ඔබ දෙවියන් විශ්වාස කරනවද? "
ගෝල්ඩා දෙන පිළිතුර තමා,
" මම යුදෙව් වැසියන්ව විශ්වාස කරනවා, යුදෙව් වැසියෝ දෙවියන්ව විශ්වාස කරනවා."
අපිට ගෝල්ඩා මෙයර්ගේ පිළිතුර අනුසාරයෙන් යහපාලන විප්ලවය සිදුවුන ජනවාරි 8 රෑ, විප්ලවයට කැපවුන නායකයන්ගේ බිරින්ඳෑවරු අහපු ප්‍රශ්නයක් මේ ආකාරයි කියලා උපකල්පනය කරන්න පුළුවන්.
" අනේ, ඔයාලා ඔය මහ ලොකුවට යහපාලනය යහපාලනය කියලා කිව්වට, ඇත්තටම එහෙම එකක් ඇතිවෙයි කියලා විශ්වාස කරනවද ? "
නායකයෝ දෙන්න ඇත්තේ මෙහෙම පිළිතුරක්,
" අපි යහපාලනේට ඡන්දේ දුන්න එවුන්ව විශ්වාස කරනවා, සමහරවිට උන් යහපාලනයක් එයි කියලා විශ්වාස කරනවා ඇති. "
මේ ළගක් වෙනකන් ඔය තත්වය තමයි තිබ්බේ, නායකයෝ දන්නවා ලොවෙත් කියපු විදියේ යහපාලනයක් ගෙන්න බෑ කියලා. ඒත් උගත් බුද්ධිමත් ජනතාව දිගින් දිගටම විශ්වාස කරා, මහ බැංකු හොරකම වගේ පොඩි පොඩි සිදුවීම් වුනාට යහපාලනය ඉක්මනින්ම උදාවෙලා මල් පිපෙන්න පටන්ගයි කියලා. උබුජ එහෙම මල් පිපෙයි කියලා විශ්වාස කරනවා කියලා නායකයොන්ට විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය මත අවුරුදු දෙකක් විතර ඇදගෙන ආවා. හැබැයි මේ වෙද්දී දෙපිරිසම දන්නවා ආය කොහොමත් මල් පිපෙන්නේ නෑ කියන එක. ඒ කියන්නේ අඩු තීව්රතාවයකින් වත් ආය මල් පිපෙන්නේ නෑ කියලා.
යහපාලන මල්
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:36 PM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:36 PM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:36 PM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:36 PM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :