පළමු හිම පියල්ල
ඒයි, ඩොමිනීකා එන්න එළියට හිම වැටෙනවා බලන්න.
ආත්තම්මගේ අනාවැකිය හරි. අපි ඔක්කොම නත්තල් හැන්දෑවේ හිම වැටෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියට, අාත්තම්මා විතරයි කිව්වේ හිම වැටෙන්නේ ජනවාරියේ කියලා.
ඇයි හැමෝම නත්තලට හිම වැටෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ?
අම්මා කියන්නේ නත්තල සම්පුර්ණ වෙන්නේ, නත්තල් දවසේ මුළු පළාතම සුදු රෙද්දක් එලලා වගේ හිමෙන් වැහිල තිබුනොත්ලු.
කමක් නෑ. පහුවෙලා හරි හිම වැටෙන එකට මම කැමතියි. ඒක නෙමෙයි ඩොමිනීකා, ඔයා එනවද මාත් එක්ක එළියේ සෙල්ලම් කරන්න. අපි හිම මිනිහෙක් හදමු.
හදමු, හැබැයි හෙට උදේට. දැන් හිම වැටෙන්න පටන්ගත්තා විතරයි. හෙට උදේ වෙද්දි හිම ගොඩක් එකතු වෙලා තියෙයි. එතකොට අපිට ගියපාර ඇනස්ටාසියා හදපු හිම මිනිහට වැඩිය ලොකු එකක් හදන්න පුළුවන් වෙයි.
ඩොමිනීකා, අර බලන්න. අර මොකෙක්ද බිම ඉන්නේ?
කපුටෙක් නේද?
නෑ නෑ. ඒ පරවියෙක්.
ඌ මොකද බිමට වෙලා කරන්නේ? අර ගහේ ඉන්න පොල්කිච්චා වගේ උඩට වෙලා ඉන්න බැරි ඇයි?
මටත් හිතාගන්න බෑ, පරවියෙක් ඇයි මෙච්චර හයියෙන් හිම වැටෙද්දී අපේ මිදුලට වෙලා ඉන්නේ කියලා.
සමහරවිට මේ චිත්‍රය ඇඳපු ආර්කේඩි මාමා කිව්වද දන්නේ නෑ ඒ පරවියාට අපි එළියට එද්දී මිදුලට වෙලා ඉන්න කියලා.
මෝඩ කතා කියන්න එපා ඩොමිනීකා, ආර්කේඩි මාමට පුළුවන් ද පරවියොත් එක්ක කතා කරන්න. අනික ආර්කේඩි මාමට චිත්‍රයක් අඳින්න ඕන කියලා හිතිලා තියෙන්නෙත් අපි දෙන්නා එළියේ ඉන්නවා දැකලා.
හ්ම්ම්.. අනික් පරවියෝ ඔක්කොම අශ්ව ඉස්තාලේ වහලේ උණුසුමට ලැගලා ඉද්දී, මේ පරවියා විතරක් මොකද මිදුලට වෙලා කරන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක් නෙමෙයි ද ඇලෙක්ෂි?
අපි හිම බෝලයක් හදලා ඌට ගහමු. එතකොට ඌ ඉගිල්ලිලා ගිහින් අශ්ව ඉස්තාලේ වහයි.
ඔයාට පිස්සුද ඇලෙක්ෂි. එතකොට ආර්කේඩි මාමාගේ චිත්‍රයේ පරවියෙක් නැති වෙනවනේ.
හ්ම්ම්.. ඒකත් ඇත්ත.
හිම කුණාටුව තව සැර වෙනවා වගේ. අර ඈතින් ආර්කේඩි මාමා නේද මේ පැත්තට එන්නේ?
පළමු හිම පියල්ල
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:25 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:25 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:25 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
7:25 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :