පිරමීඩ ක්‍රමය
නරැමවාදය (cynicism) යන අදහස සරළ ආකාරයෙන් දැක්වුහොත් කිව හැක්කේ 'ඔවුන් තමන් කරන්නේ මොකක්ද කියන එක හොඳටම දන්නවා. එත් එ්ක ඔවුන් කරගෙන යනවා.' මේ නරැමවාදය පිළිබද අදහස මතකයට ආවේ ලංකාවේ මේ දිනවල ජනප්‍රිය පිරමීඩ ජාවාරමකට සම්බන්ධ වී සිටින පුද්ගලයන් දැකීම නිසාය.
පිරමීඩ ක්‍රමයට සම්බන්ධ වුන පුද්ගලයෙක් ඊළගට කළයුත්තේ තවත් පිරිසක් එයට සම්බන්ධ කරගැනීමයි. මුදල් ලැබෙන්නේ එලෙස සම්බන්ධ කරගන්නා පුද්ගලයන් ප්‍රමාණය අනුවය. තමන් හරහා සම්බන්ධ වු පුද්ගලයන්ට මුදල් ලැබීමට නම් ඒ ආකාරයට එක් එක් පුද්ගලයාතවත් පිරිස් බඳවාගත යුතුය. මේ ආකාරයට රටේ මිනිස්සු අවසන් වනතෙක් ක්‍රමය රැගෙන යාහැක.
පිරමීඩ ක්‍රමයට සම්බන්ධවන පුද්ගලයා මෙම රටාව හොඳින් දනී. තමන්ට පහළ මට්ටමේ සිටින අයට පිරිස රැස්කර ගැනීම තමාට වඩා අසීරැවන බවද දනී. එහෙත් ඔහුට අවශ්‍ය වන්නේ තමාගේ ලාභය ලබාගැනීමට අවශ්‍ය වන පිරිස කෙසේ හෝ එකතු කරගැනීම පමණි. පිරමීඩයේ ඉහළ සිට පහළට යනතෙක්ම සිටින අයට ඇත්තේ මෙම නරැමවාදී අදහසය. යම් අවස්ථාවක සිට පුද්ගලයන් පිරමීඩයට සම්බන්ධ කරගැනීමට අපහසුවී, සිතාසිටි ආකාරයට ලාභ ලැබීමට නොහැකිව කෑමොර දුන් පමණින් ඔවුන් අහිංසකයන් නොවේ.
පිරමීඩ ක්‍රමය
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:57 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:57 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:57 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:57 AM
                    Rating: 
                    


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :